එජාප ග‍්‍රහස්ථ මැයි රැලියට මැති ඇමතින් 30ක් නෑ.. වර්ජනය කල පිරිස මෙන්න..

May 6, 2018 at 3:01 pm | lanka C news
එජාප ග‍්‍රහස්ථ මැයි රැලියට මැති ඇමතින් 30ක් නෑ.. වර්ජනය කල පිරිස මෙන්න..

අද කොළඹ සුගතදාස ගෘහස්ථ ක‍්‍රිඩාංගණයේ පැවති එක්සත් ජාතික පක්‍ෂ මැයි දින සමරුවට එම පක්‍ෂ මැති ඇමතිවරුන් 30ක පමණ පිරිසක් සහභාගී වී නැති බව වාර්තා වෙයි.

ඇමතිවරුන් වන මලික් සමරවික‍්‍රම, සාගල රත්නායක දයා ගමගේද ඊට සහභාගී වී නැති අතර ඇමති කබීර් හෂීම් හා මන්ත‍්‍රී රවි කරුණානායකද අසනීප තත්වයන් හේතුවෙන් සහභාගී වී නැත.

හර්ෂ ද සිල්වා, පාලිත රංගේ බණ්ඩාර, සුජීව සේනසිංහ, රංජිත් අලුවිහාරේ, රන්ජන් රාමනායක, අශෝක අබේසිංහ, මයන්ත දිසානායක යන පිරිසක්ද සහභාගී වී නැතැයි වාර්තා වෙයි.

මේ ආකාරයෙන් අද පැවති මැයි සැමරුමට සහභාගී වී නැති මැති ඇමති පිරිස 30ක් පමණ වෙතැයිද පැවසෙයි.

පක්‍ෂ ප‍්‍රතිසංවිධානය පොරොන්දු වූ පරිදි සිදු නොකිරීමට විරෝධය පලකරමින් ඔවුන් මෙම තීරණය ගෙන ඇති බවද වාර්තා වෙයි.

154 views