එජාප ජනාධිපති අපේක්‍ෂක රනිල්.. ජනාධිපතිවරණ කැම්පේන් මැනේජර් සාගල.. ජ්‍යෙෂ්ඨයන් විරෝදයේ.. එජාප අවුලෙන් අවුලට..

March 25, 2019 at 12:02 am | lanka C news
එජාප ජනාධිපති අපේක්‍ෂක රනිල්.. ජනාධිපතිවරණ කැම්පේන් මැනේජර් සාගල.. ජ්‍යෙෂ්ඨයන් විරෝදයේ.. එජාප අවුලෙන් අවුලට..

එක්සත් ජාතික පක්ෂයේ මීළඟ ජනාධිපතිවරණ අපේක්ෂක අගමැති රනිල් වික්‍රමසිංහගේ මැතිවරණ ප්‍රචාරක කළමනාකාරිත්වයට ඔහුගේ කාර්ය මණ්ඩල ප්‍රධානී ඇමති සාගල රත්නායක පත් කිරීමත් සමග එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් අතර අර්බුදකාරී තත්ත්වයක් මතුව ඇති බව වාර්තා වේ.

ගෙවුණු රාජපක්ෂ පාලන කාලයේ දී එක්සත් ජාතික පක්ෂයට බලය ලබා ගැනීමේ ප්‍රචාරාත්මක වැඩපිළිවෙළේ වැඩි දායකත්වයක් ලබාදුන් ඇමැති මංගල සමරවීරට ජනාධිපතිවරණ ප්‍රචාරක වැඩ කොටසෙහි වැඩි බරක් භාරදිය යුතු බවට එජාපයේ ජ්‍යෙෂ්ඨයන්ගේ මතය වී ඇත.

සාගල රත්නායකට ප්‍රචාරක කළමනාකාර තනතුර ලබා දීමත් සමග එම පක්ෂයේ ප්‍රධාන තනතුරක් දරන අයෙක් මංගලට පවසා ඇත්තේ ඔහුගේ නමත් ඒ සඳහා නායකත්වයට යෝජනා කරන බවයි. එහෙත් ඊට ඇමැති මංගල සමරවීර විරෝධය පළකර ඇති බව වාර්තා වේ. සාගල සහ මංගල යන දෙදෙනාම මාතර දිස්ත්‍රික්කය නියෝජනය කිරීම නිසා මෙම අර්බුදය තවත් උග්‍ර වී ඇත.

මධුභාෂණ හේරත්
– aruna.lk

42,364 Viewers

13 Comments to “එජාප ජනාධිපති අපේක්‍ෂක රනිල්.. ජනාධිපතිවරණ කැම්පේන් මැනේජර් සාගල.. ජ්‍යෙෂ්ඨයන් විරෝදයේ.. එජාප අවුලෙන් අවුලට..”

  1. ජෙපි දර්ශණය says:

    ඔය මොකා ආවත් ප්‍රධාන සංවිධාක වැඩේ කරන්නේ රතු සහෝදරවරු ටික.
    මේ ගැන විමසීම සදහා රතු සහෝදරවරු සොයා ගැනීම අපහසු නම් රනිල් හාමුගේ කුස්සියේ වලං හෝදන ස්ථානයේ විපරම් කර බලන්න.

  2. එක්ස්ට්‍රීම් රැඩිකල් බුවා says:

    චන්දෙ කරන්න සල්ලි මදි නම් තව බැංකුවකට දෙකකට විදින්න.
    පාඩුව බදු ගැසීමෙන් ජනතාවගෙන් අය කර ගන්න.

  3. Jayasinha says:

    අපට ඉන්නව තුන් වේලටම ඇත්තටම බොරු කියන නායකයින් .අපට ඉන්නව පරපුරක් රකින්නට නැති නිසාම මහජන දේපල කුණු කොල්ලෙට විකුණන වික්කම සිංහයින්. අපට ඉන්නව තමන්ගේ හෙවනැල්ලටත් වෛර කරන සුදු කොඩියේ තරු පහ ගැසූ රණ විරුවෙක්.අපට ඉන්නව ජංගි අඳින ,සූත්තරෙන් මිල වැඩි කරන මිල ඇමතිවරු. අපට ඉන්නව දෙපයටම ෂොකැබ් ෂෝබර් සවිකර උඩ යට යමින් ආරෝහණ අවරෝහණ ජොබ් දෙන නිවාස ඇමතිවරුන්.අපට ඉන්නව අඳුරට පෙම් බැඳි පවර් කට් විදුලි ඇමතිවරු. අපට ඉන්නව අපෙන් බෙහෙත් නොගන්න සුවපති සුව ඇමතිවරු. අපට ඉන්නව අධ්‍යාපනේ ටැබ් එකට දමා ටැබ්ලට් අධ්‍යාපනය දෙන අධ්‍යාපන ඇමතිවරු. අපට ඉන්නව සුද්දන්ට බොන්න හැම ගෙදරටම බාර් ලයිෂන්(අවශ්‍ය නම් ව්‍යාඝ්‍රා) දෙන සංචාරක ඇමතිවරු. අපට ඉන්නව රක්‍ෂිත කපා රීසෙට්ල්මන්ට් කරන අහිංසක ඇමතිවරු.අපට ඉන්නව ඉල්ලං ඩිජිටල් කර ගන්නා ක්‍රීඩා ඇමතිවරු.අපට දැන් මොනවද අඩු.
    අපිට අඩු ජාතික ආණ්ඩුවක්?
    ලිච්ඡවි පාලනයක්? වන්

  4. සිංහලේ හිඳියාව says:

    මෝදී හැට්ටය හැඳ රටට වුන සංහිදියාව
    දැකගති රට සැම වැටිලා අගාදයෙ දියාව
    දුන්නොත් ඡන්දය රැවටිල රනිලට දයාව
    වෙයි රටම මිත්ත-නාඩු සිංහලේ හිඳියාව

  5. Lal and Geetha says:

    Next Leader of Sri Lanka is Ranil.

    • Open Mind says:

      Dhawaldha?

    • බෙර හඬ says:

      රනිල් නෙවෙයි වෙනත් ඕනැම රට කන්නෙක් ඉදිරිපත් උනත් උඹලා යූ.එන්.පී චන්දෙ දෙනවානේ? ඕකට ඉතින් ඔච්චර පොරකන්න දෙයක් නෑ. කවුරුහරි එකෙක් දාපල්ලා. මොකා දැම්මත් මෙදාපාර මඬ කන්න වෙනවා. නටපු නැටුමකුත් නෑ බෙරේ පළුවකුත් නෑ.

  6. sagala mahatha
    , ugath,daksa, dukedi hadawatha unuwena, wedagath paulaka tharunayek, ratama UNP karanna ethumanta pulwan
    theruwan saranai

  7. Janaka says:

    මෛත්‍රී 3වන අපේක්ෂකයා…රනුල් දෙවන මනාපයෙන් දිනුම්..කලු සුද්දන්ගේ උගුල වැඩ…

  8. prem says:

    mama dakka Milinda Moragoda kiyala,

  9. Dp says:

    ඉල්ලන්නෙත් සමනලයෙක් …..
    .මැනේජර් තවත් සමනලයෙක් …UNP එකේ ප්‍රදාන තනතුරු වලට එකම සුදුසුකම සමනලයෙක් වීම

  10. Lionel Chandradasa Mayadunnage says:

    Mr. M3 Do you know Ranjith Jayasena of minneriya.

  11. Ariyathilaka says:

    මෑත කාලීන මෙරට දේශපාලන ඉතිහාසයේ සිදු වූ මහා පාවා දීම නම් රටත්, ජාතියත්, බුද්ධ ශාසනයත් අනතුරේ හෙලා කෙටුම්පත් කරන ලද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම් පත, අග්‍රාමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමය. මෙම මහා පාවා දීම නොසලකා හැරිය නොහැක. එම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත සමමත කර ගැනීම, නොගැනීම කෙසේ වුව ද එය, රටේ දෙවැනි පුරවැසියා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම ම මහා පාවා දීමක් බව කිව යුතුය. පසුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් නොව ලියවිල්ලක් පමණක් බව කියමින් රටේ ජනතාව රැවටීමට උත්සාහ කෙළේය. මෙය අග්‍රාමාත්‍යවරයකුට උචිත ක්‍රියාවක් නොවේ. බැදුම්කර සිදුවීම වංචාවකි. එයින් වන හානිය මෙම පවා දීමට සාපේක්ෂව ඉතා අල්ප ය. මෙරට අවුරුදු 2500 කට අධික රාජාවලියක පෞඪ ඉතිහාසය සහ අවුරුදු 2300 කට අධික සම්බුද්ධ ශාසන උරුමය, තඹ දොයිතුවකට මායිම් නොකට මෙවැනි පාවා දීමක් කළ පුද්ගලයකු රටේ නායකයා වුවහොත් රටේ අනාගත සුරක්ෂිතතාව, බුද්ධ ශාසනයේ පැවැත්ම සුරක්ෂිත වේයැ’යි සිතිය හැකිද? යන්න් වරක් නොව කීප වරක් සිතා බැලීමට සිදුව ඇත. අප රාජපක්ෂ වාදීන් හෝ මෛත්‍රී වාදීන් හෝ නොවේ. එළඹෙන ජනාධිපතිවරණට විවිධ චරිත කරළියට පැමිණෙමින් තිබේ. මේ රටේ අතීත උරුමය, ජාතික අනන්‍යතාවය සහ සම්බුද්ධ ශාසනයේ සුරක්ෂිතතාව රැකගෙන, විදේශ ගැති නොවී, ඇමරිකා එක්සත් ජනපදය ඇතුලු නේටෝ සංවිධානයේ සමාජික රටවල් සහ නේටෝවට අයත් රටවලට හිතැ’ති අනෙකුත් රටවල් [ජපානය, ඕස්ට්‍රේලියාව, දකුණු කොරියාව, ඊශ්‍රායලය, දකුණු අප්‍රිකාව, (සිංගප්පූරුව)] සමග විශ්වාසනීය සහ මිත්‍රශීලී විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කළ හැකි නායකයෙකුට මේ රට නගා සිටුවීමට හැකි වනවා ඇත; එවැනි නායකයෙක් බිහි වූ කලක මේ රට බොහෝ සමෘද්ධියෙන් බැබලෙනවා ඇත; දකුණු අප්‍රිකානු හිටපු ජනාධිපති නෙල්සන් මැන්ඩෙලාගේ සහ සිංගප්පූරුව ගොඩ නගන ලද, ලී කුආන් යූගේ දේශපාලන භාවිතාවන් ඒ සදහා බොහෝ ආදර්ශ සපයනවා ඇත.

Main News