එජාප ජනාධිපති අපේක්ෂක විය යුතුව තිබුනේ රනිල්.. ජනාධිපති අපේක්ෂකයෙකු හරවත් දේ කතා කල යුතුයි..- සජිත්ට එරෙහිව ෆොන්සේකා අවි ඔසවයි..
October 5, 2019 at 10:32 pm | lanka C news
එක්සත් ජාතික පක්ෂයෙන් ජනාධිපතිවරණයට තරග කළ යුතුව තිබුණේ පක්ෂ නායක අගමැති රනිල් වික්‍රමසිංහ මහතා බව එම පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා පවසයි.
කෙසේ නමුත් බහුතර ඉල්ලීම මත සජිත් ප්‍රේමදාස මහතාට අපේක්ෂකත්වය ලබා දීමට සිදුවූ බවද ඔහු පැවසීය.
සජිත් ප්‍රේමදාස මහතාගේ සමහර ප්‍රකාශයන් තමන්ට ගැටුම් සහගත බවත් ජනාධිපති අපේක්ෂකයා හරවත් දේවල් ප්‍රකාශ කළ බව ෆොන්සේකා මහතා සදහන් කලේය.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග සජිත් ප්‍රේමදාස මහතා සාකච්ඡා කිරීම තමන් ප්‍රතික්ෂේප කළ බවත් ඔහු එජාප වේදිකාවට යලි ගෙන්වා නොගත යුතු බවත් ඔහු පැවසීය.
හිරු රූපවාහිනිය සමග අදහස් පල කරමින් ඔහු මෙම අදහස් පල කලේය.
මීළඟ අගමැති ලෙස රනිල් පත් කිරීමට සජිත් එකඟ වුනා
මීළඟ අගමැති ලෙස රනිල් පත් කිරීමට සජිත් එකඟ වුනා
Gepostet von Hiru News am Samstag, 5. Oktober 2019