ජනාධිපති අපේක්‍ෂක සජිත්.. පොදු අපේක්‍ෂකයන් එපා.. යෝජනාව එජාප කෘත්‍යාධිකාරියට..

January 12, 2019 at 1:20 pm | lanka C news
ජනාධිපති අපේක්‍ෂක සජිත්.. පොදු අපේක්‍ෂකයන් එපා.. යෝජනාව එජාප කෘත්‍යාධිකාරියට..

ඉදිරියේදී පැවැත්වෙන ජනාධිපතිවරණ සදහා පොදු අපේක්‍ෂකයෙක් ඉදිරිපත් නොකර සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති අපේක්‍ෂක ලෙස පත් කල යුතු යයි එජාප මන්ත්‍රිවරුන් පිරිසක් විසින් පක්‍ෂ නායක අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට යෝජනා කර ඇති බව වාර්තා වෙයි.

මෙම යෝජනාව සදහා එජාප මන්ත‍්‍රි පිරිසක් මෙන්ම පක්‍ෂ කෘත්‍යාධිකාරි මණ්ඩල සාමාජික පිරිසක් ද කැමැත්ත පල කර ඇති බව සදහන්ය.

ඒ අනුව මෙම යෝජනාව එන සතියේදී පැවැත්වීමට නියමිත පක්‍ෂ කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කරනු ඇති බවද එජාප ආරංචි මාර්ග කියා සිටී.

19,487 Viewers

5 Comments to “ජනාධිපති අපේක්‍ෂක සජිත්.. පොදු අපේක්‍ෂකයන් එපා.. යෝජනාව එජාප කෘත්‍යාධිකාරියට..”

  1. Saradiel says:

    හොටු ගැහැනි දී කැහි ගැහැනිය ගත්තා වාගෙයි

    • නැවුම් මාවත says:

      සජිත්ට චම්පික එක්ක හැරෙන්නවත් පුලුවන්ද ?සජිත් කියන්නේ හැම දේටම බය කිසිම දේශීයත්වයක් නැති බයිලා කියන ගිටාර් ගහන ජෝගි නටන චරිතයක් .එජාපයට නැවුම් මාවතක් විවරකර දී ඇති චම්පිකට තමයි එජාපයෙන් එදා ගිලිහි ගියපු දේශප්‍රේමී චන්ද නැවත ලබාගන්න පුළුවන් .
      සජිත් පාවිච්චි කරන්න ඕනා රටේ තුන්වන පන්තියට ආමන්ත්‍රණය කරන්න එකියන්නේ ඔය පැල්පත්වාසින් ,නගරයේ වතුවල වෙසෙන ජනතාව ,වැවිලි ප්‍රදේශවල ජනතාව .ඒ මිනිසුන් විතරයි සජිත්ව පිළිගන්නේ අනෙක් අය දන්නවා මරණාධාර සමිතිය්කවත් සභාපතිකමක් කරපු නැති සජිත්ට ජනපති කමක් කරන්න බෑ කියලා

  2. සිංහල බන්ඩා says:

    රනිල් ටත් අනුර-දාස ටත් සම්බනදන්ටත් ජනාධිපතිවරණය දිනන්න බැරි බව ඔවුන් දන්නවා. එනිසා ජනාධිපතිවරණය නොපැවිත් වීමට ඔවුන් කුමන්ත්‍රණය කරනවා. හැකි නම් නව ව්‍යවස්ථාවක් සම්මත කිරීමටත් බරි නම් අනුර-දාස ගේ 20 සම්මත කිරීමට හෝ ඔවුන් බලාපොරොත්තු වෙනවා. අලිකොටිසීනු කුමන්ත්‍රණය පරාජය කිරීමට එක් වෙමු.

  3. jaya wewa sajith methudi jaya wewaaaaaaaaaaaa

  4. Athula says:

    හූනා කිව්වා වගේ කියන්නේ ,සජිත්ට නම් මේ කපේදි ඕක දෙන්නෙ නැහැ සමනල පරපුරයි,ලප කුමාරයි සුමන්දිරන් ප්‍රමුඛ නඩය ඉන්නකම් .

Main News