එජාප-ජවිපෙ මැතිවරණය කල් දාන්න දගලන්නේ කොරියා ප‍්‍රතිඵලය ලැබීමට නියමිත නිසා..

April 16, 2020 at 5:30 pm | lanka C news
එජාප-ජවිපෙ මැතිවරණය කල් දාන්න දගලන්නේ කොරියා ප‍්‍රතිඵලය ලැබීමට නියමිත නිසා..

කොරෝනා වසංගතය පාලනය කිරීම සදහා ආණ්ඩුව ගෙන යන වැඩ පිළිවෙලට කිසිදු සහයක් නොදැක්වූ එජාප / ජවිපෙ නිවුන් සොහොයුරන්. මහ මැතිවරණය කල්  දමා ගැනීමට මෙතරම් දගලන්නේ ජනාතවට ඇති ආදරය නිසා නොව මැතිවරණයකට මුහුණ දීමට ඇති බිය නිසා යැයි කාර්මික අපනයන ආයෝජන ප්‍රවර්ධන සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි. ඔහු පෙන්වා දෙන්නේ ආණ්ඩුවේ මහ මැති වරණය පවත්වන්නේ කෝවිඩ් 19  හෙවත් කොරොනා වසංගතය මුළු මුණින්ම පාලනය කිරීමේන් පසුව බවයි.

ජනතාවගේ මල මිණී උඩින් දේශපාලනය කිරීමේ පුරුද්ද ඇත්තේ එක්සත් ජාතික පක්ෂයට හා ජනතා විමුක්ති පෙරමුණට බව වැඩිදුරටත් පෙන්වා දෙන ඇමති ප්‍රසන්න රණතුංග මහතා එජාපය හා ජවිපේ උත්සහ දරන්නේ රට ආර්ථික අර්බුධයකට ලක් කිරීමට බව චෝදනා  කලේය.

අද 16 කටුනායක ගුවන්තොටුපොලේ දී මාධ්‍යවේදීන් හමුවේ ඇමතිවරයා මේ අදහස් පල කලේය. මෙහිදී ලබා දුන් පිළිතුරු මෙසේයි.

ප්‍රශ්ණය :- විදේශගත ශ්‍රී ලාංකිකයන් ඉල්ලීම් කරලා තියෙනාවා. ශ්‍රී ලංකාවට එන්න. දැන් ඒ වැඩ පිළවෙල සූදානම්ද?

උත්තරය :- ඔව්. අපි ඒ සදහා ලැස්තියි. නමුත් අපට ඒ සදහා අවශ්‍ය නිර්දේශය

සෞඛ්‍ය අංශ හා ජනාධිපති කාර්යය සාධක බලකාය මගින් ලබා දිය යුතුයි. ඒ නිර්දේශ අනුව ගුවන්තොටුපොලේ මෙහෙයුම් ආරම්භ කරලා ක්‍රමානූකූලව මේ විදේශගත ශ්‍රී ලාංකිකයන්ව දිවයිනට ගේන්න අපි සූදානමින් ඉන්නවා. දැනටමත් විදේශ කටයුතු අමාත්‍යංශය විදේශ රටවල ඉන්ත අය පිළිබදව වාර්තා තොරතුරු ලබා ගෙන අවශ්‍ය කටයුතු කරගෙන යනවා.

ප්‍රශ්ණය :- තව කොපමණ දවසක්  යයිද ගුවන්තොටුපොල මෙහෙයුම් අරඹන්න.?

උත්තරය:- දැනටමත් ආණ්ඩුව මේ පිළිබදව සාකච්ඡා කරමින් යනවා. දැනට

රටතුළ පැතිර යමින් තිබෙන කෝවිඩ් 19 වසංගතය අපි උපරිමයෙන් පාලනය කරන්න කටයුතු කරලා තියෙනවා. අපි මෙහිදී සම්පූර්ණයෙන්ම කටයුතු කරන්නේ සෞඛ්‍ය අංශ උපදෙස් අනුවයි. ජනාධිපති කාර්යය සාධක බලකාය හරහා අංශ අනුමැතිය ලද වහාම අපි ගුවන්තොටුපොල මෙහෙයුම් ආරම්භ කරන්න ලෑස්තියි.

ප්‍රශ්ණය :- ශ්‍රී ලංකාවට ගෙන එන විදේශගත ශ්‍රී ලාංකිකයන නිරෝධායනයකට ලක්කරනවාද?

උත්තරය :- අනිවාර්යයයෙන්ම අපි මේ පැමිණෙන පිරිස් ගුවන්තොටුපොලේම

ස්ථානයක පූර්ණ කොරෝනා පරීක්ෂාවක් කරනවා. පැය 06කට පස්සේ තමයි ප්‍රතිඵලය ලැබෙන්නේ ඊට පස්සේ ඔවුන්ව නිරෝධයනයට ලක් කිරීමට තමයි සාකච්ඡා කරමින් යන්නේ. කොහොම වුනත් මේ සියල්ල සිදුවන්නේ සෞඛ්‍ය අංශ නිර්දේශ අනුවයි.

ප්‍රශ්ණය :- ජනතා විමුක්ති පෙරමුණ චෝදනා කරනවා ශ්‍රී ලංකන් ගුවන්

සමාගම විදේශ වල හිරවෙලා ඉන්න ළමයි ගේනවා වෙනුවට චීනයට ගුවන් මගින් අදිමින් ව්‍යාපාර කරනවා කියලා.

උත්තරය :- අද යූඑන්පී එකයි ජේ.වී.පී එකයි කටයුතු කරන්නේ නිවුන්

සහෝදරයෝ වගේ. ශ්‍රී ලංකන් ගුවන් සමාගම එදා වූහාන්වලට ලමයි ගේන්න ගියේ ලාබ බලාගෙන නෙමෙයි. ජාතික ගුවන් සේවය විදියට රජය විදේශගත ශ්‍රී ලාංකිකයන් ගෙන්න කියන්නේ කොයි වෙලාවෙද ඒකට ඔවුන් ලෑස්තියි. නමුත් ජාත්‍යන්තර ගුවන් නීති රීති අනුව. ලෝක සෞඛ්‍ය සංවිධානයේ නීති රීති අනුගමනය කරමින් ඔවුන් සිය ව්‍යාපාරය පවත්වාගෙන යාම වරදක් නෙමෙයි. ඕවා ජේවීපි එකට කියන්න මුකුත් නැතුව කියන කථා..

ප්‍රශ්ණය ;-  එජාපය හා ජවිපේ කියන්නේ ආණ්ඩුව මල මිනී මතින් බලය ගන්න මැතිවරණයනට යන්න හදනවා කියලයි.

උත්තරය ;-එජාපය හා ජවිපේ තමයි මල මිනී මතින් දේශපාලනය කලේ. ඒක

මේ රටේ ජනතාව දන්නවා. අපි මල මිනි මතින් දේශපාලන කරන්න සූදානම් නැ. මැතිවරණය පැවැත් වීම ගැන මැතිවරණ කොමසාරිස් වරයා  තීන්දු කල යුතුයි. රටේ පවතින තත්ත්වය අනුව. අප හැමවිටම  කටයුතු කරන්නේ සෞඛ්‍ය අංශ උපදෙස් අනුවයි. මගේ අදහස තමයි මේ වසංගතය පාලනය කල වහාම අපි මැතිවරණකට යායුතුයි. මොක ද අපිට දිගටම මුදල් වියදම් කරන්න බලයක් නෑ. ඔය පක්ෂ දෙකටම ඕනා රට ආර්ථික වශයෙන් කඩා වට්ටන්න. අපි කියන්නේ ඉක්මනින් මැතිවරණයකට ගිහින් ශක්තිමත් ආණ්ඩුවක් පිහිටුවාගෙන මේ රට ගොඩ ගන්න ඕනෑ.

එක්සත් ජාතික පක්ෂයයි ජනතා විමුක්ති පෙරමුණයි මේ වසංගතය මැඩලන්න ආණ්ඩුවට අඹමල් රේණුවක සහායක් දුන්නේ නෑ. ඒ අය ඔය මහ මැතිවරණ කල් දාගන්න දගලනනේ ජනතාවට ඇති ආදරයට නෙමෙයි. මැතිවරණ වලට තියෙන බය නිසා. අපි රට මේ වසංගතයෙන් මුදා ගෙන මැ.තිවරණයටත් මුහුණ දෙන්න ලැස්තියි ඒ විතරක් නෙමේයි. මැතිවරණයට මුහුණ දීලා ගෝඨාභය රාජපක්ෂ මහින්ද රාජපක්ෂ සුසංයෝගයෙන් යුතු ශක්තිමත් ආණ්ඩුවක් පිටටුවලා රට නැවත ගොඩනගන්නටත් ලෑස්තියි.

– ප‍්‍රදීප් අනුර කුමාර

334 views

15 Comments to “එජාප-ජවිපෙ මැතිවරණය කල් දාන්න දගලන්නේ කොරියා ප‍්‍රතිඵලය ලැබීමට නියමිත නිසා..”

  1. හාරත බූරුවා says:

    ආණ්ඩුවේ සියලුදෙනා මේ මොහොතේ මාධ්‍යයට කරුනු නොදැක්විය යුතුයි. ඒ සඳහා නම් කරනු ලබන දෙදෙනෙකු පමණක් ආණ්ඩුව වෙනුවෙන් කරුණු දැක්වියයුතුයි. හරියටම ජනාධිපතිවරණය කාලයේදි වගේ. හැමෝම පණ්ඩිතයන් නැත්නම් පොරවල් වෙන්න ගියොතින් නිකම්ම කොලේ ඉරාගන්නව. ඔලුවෙන් ගේම ගහන්න දන්න අය අඩුයිනේ. ගොනා අනින කලාව තමයි වැඩිදෙනකුට පිහිටලතියෙන්නෙ. මොකුත්ම නොකර නිකම් හිටියනම් ඒඇති මේවෙලාවෙ. මොකද ජනාදිපතිතුමා ඇතුලු රජය ගෙනයන නිර්පාක්ශික වැඩපිලිවෙල නිසා අදවෙනකොට එදා එකඟ නොවූ අයපවා ඉතා ධනාත්මක බලාපොරොත්තු දල්වාගන ඉන්නබව පෙනෙනව. මේවෙලාවෙ බංකොලොත්වෙලා ඉන්න දේශද්‍රෝහි තක්කඩි යූ ඇන් පී,ජේ වී පී ඉදිරිපෙල ආලාපාලුවො ටික කලබලවෙලා ඉන්නෙ. උන්ට ඕනෙ මේතියන ජනප්‍රසාදය නැති කරවන්න. මැතිවරනය ගැන කතිකාව ඉදිරියට දාපුගමන් ගැම්මෙන් ඉන්න කට්ටියගෙ ඔලුව යටගිහින් අං තට්ටුව උඩට එනව කියල උන් දන්නව. මේ අය ඊළඟට හත්‍රවටේ ඇනගෙන ඇනගෙන යනව.එතකොට මේ කතිකාව කාලයක් තිස්සෙ සමජයේ පවතිනව එත්කොට ජනතාව මීට මාස කිහිපයකට පෙර තිනබුන අරාජික මානසිකත්වයට එනව. ඒක එයාල ලබන ලොකු ජයක්. දැන් මැතිවරණය තියෙන්නෙ මැකො අතේ. ඒක ගැන උත්තරය තියෙන්නෙත් මැකො අතේ.හැමෝම උත්තර දෙනව කියන්නෙ හැමතැනම ගාගන්නව කියන එක.

  2. desta says:

    jvp unp moka kiwath apita chanda epa enne kohomath mod horu okunta kanna denna sepa denna api Lesotho neha gotabya mahatage nayakayhwayen me tiyena kramaya hodai horu epa tawath

  3. priyanka says:

    moda relak nadatthu keranna apita be. eka nisa chanda one ne. me yana vidiya hodai

  4. හිටන්ගෙදර අප්පුහාමි says:

    ජනමතවිචාරණයක් තියල රට අවුරුදු පහකට ගෝටට බාරදෙමු දිගටම මේ විදිහටම කරගෙන යන්න. අම්බරුවෝ 225 ඕනේම නැහැ. විනය ගරුක, හොරකම් නොකරන උගතුන්, වියතුන්, හමුදා නිලධාරීන්ගෙන් සමන්විත මණ්ඩලයකින් රට පාලනය කරමු. මහින්ද ආවත් වෙන්නේ වටේ ඉන්න අම්බරුවෝ ටික රට කන එක.