එජාප තනි ආණ්ඩුවකට සූදානම්.. සාකච්චා වේගවත් කෙරේ..

June 23, 2018 at 1:20 pm | lanka C news
එජාප තනි ආණ්ඩුවකට සූදානම්.. සාකච්චා වේගවත් කෙරේ..

එක්සත් ජාතික පක්‍ෂයේ තනි ආණ්ඩුවක් හැකි ඉක්මනින් පිහිටුවීම සදහා සංවිධාන කටයුතු කඩිමුඩියේ සිදුවෙමින් ඇති බව එජාප ආරංචි මාර්ග කියා සිටී.

එජාපයේ ජාතික ලයිස්තු ඇමතිවරයෙක් විසින් මේ සම්බන්ධයෙන් මූලික වී ක‍්‍රියා කරමින් ඇති අතර ඒ සදහා විපක්‍ෂ මන්ත‍්‍රින්ගේ සමාය ලබා ගැනීමට සාකච්චා ආරම්භ කර ඇත.

එජාප ආණ්ඩුව සදහා වත්මන් ආණ්ඩුව නියෝජනය කරන ශ‍්‍රීලනිප කණ්ඩායමේ වැඩි පිරිසක්ද සහා දීමට එකග වී ඇතැයිද සදහන්ය.

ආණ්ඩුව පවත්වාගෙන යාම සදහා විපක්ෂයේ කිහිප දෙනෙකුගේ සහායද අවශ්‍ය අවස්ථාවන්හිදී ලබා ගැනීමටද සාකච්චා වෙමින් ඇති බව වැඩි දුරටත් වාර්තා වෙයි.

35 views

2 Comments to “එජාප තනි ආණ්ඩුවකට සූදානම්.. සාකච්චා වේගවත් කෙරේ..”

  1. Niru says:

    To form a government with buffaloes headed by a donkey.
    This UNP is a disgrace to leaders like DS, Dudley

  2. David Milli-banda says:

    hari…hari…………… dan kotiyo Maha Banku horu samaga waase ta sara seyi………… Diviyoo mara damala.

Main News