එජාප තොගයක් රනිල් අතහරී.. ශ‍්‍රීලනිප අති බහුතරයත් එක්වෙයි.. පොහොට්ටුව සමග අලුත් සන්ධානයක් සූදානම්..

May 13, 2018 at 10:00 am | lanka C news
එජාප තොගයක් රනිල් අතහරී.. ශ‍්‍රීලනිප අති බහුතරයත් එක්වෙයි.. පොහොට්ටුව සමග අලුත් සන්ධානයක් සූදානම්..

ඉදිරියේදී පැවැත්වෙන මැතිවරණයකට පෙරාතුව ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ පිරිසක්, එක්සත් ජාතික පක්‍ෂයේ 20කට ආසන්න මැති ඇමති පරිසක් සහ ඒකාබද්ද විපක්‍ෂයේ සිටින පිරිසක් එක්වී සන්ධානයක් ඇති කිරීමේ සූදානමක් ඇති බවට වාර්තා පලවෙයි.

එක්සත් ජාතික පක්‍ෂ ප‍්‍රතිසංවිධානය සම්බන්ධයෙන් කලකිරී සිටින එම පක්‍ෂ මැති ඇමතිවරුන් 20කට ආසන්න පිරිසක් සමග මේ ගැන යම් එකගතාවයන් පත්ව ඇතැයිද එම වාර්තාවන්හි දැක්වෙයි.

මෑතකදී ආණ්ඩුවෙන් ඉවත් වූ ශ‍්‍රීලනිප 16 දෙනාට අමතරව ආණ්ඩුවේ ඉතිරිව සිටින ශ‍්‍රීලනිප පිරිසෙන් 15කට ආසන්න පිරිසක්ද මෙම නව සන්ධානයට එක්වනු ඇති බවද දැක්වෙයි.

ඉදිරියේදී මැතිවරණයක් ප‍්‍රකාශයට පත් කෙරුනු වහාම එජාප පිරිස මෙම ව සන්ධානය හා එක්වනු ඇති බවද වාර්තාවන්හි වැඩි දුරටත් සදහන්ය.

122 views