සජිත් ස්වාධීනව ජනාධිපතිවරණයට.. ඇමති හරීන් අගමැතිගේ නිවසේ උපවාසයක් අරඹන්න යයි..

August 26, 2019 at 10:32 pm | lanka C news
සජිත් ස්වාධීනව ජනාධිපතිවරණයට.. ඇමති හරීන් අගමැතිගේ නිවසේ උපවාසයක් අරඹන්න යයි..

එක්සත් ජාතික පක්‍ෂයෙන් ජනාධිපති අපේක්ෂකත්වය නොලැබෙන්නේ නම් එම පක්ෂ නියෝජ්‍ය නායක ඇමැති සජිත් ප්‍රේමදාස මහතා ස්වාධීනව ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට සූදානම් බව සජිත් ප්‍රේමදාස මහතාට හිතවාදී සමාජ ජාල පිටු ඔස්සේ වාර්තා කරයි.

කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකයන් ගණන සදාචාර විරෝධී ලෙස ඉහළ නංවාගෙන සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති අපේක්ෂකත්වයට පත් වීම අවහිර කිරීමට උත්සාහ ගතහොත් මෙම තීරණය ගන්නා බවද එම වාර්තාවල සඳහන්ය.

එක්සත් ජාතික පක්ෂය දහයකට අඩු කල්ලියේ ග්‍රහණයෙන් බේරාගැනීමට එක්වන ලෙසද එමගින් එජාප පක්‍ෂිකයන් වෙත ආරාධනා කර සිටී.

මේ අතර අගහරුවාදා දිනයට පෙර ඇමැති සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් නොකල තමන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවසෙහි උපවාසයක් ආරම්භ කරන බව එම පක්ෂයේ ඇමති හරින් ප්‍රනාන්දු මහතා සඳහන් කර තිබිණි.

ඔහු මේ බව සඳහන් කර තිබුණේ ඇමැති සුජීව සේනසිංහගේ සහෝදරියකුගේ කොළඹ පිහිටි නිවසේ පැවති සජිත් පිලේ සාකච්ඡාවකදීය.

88 views
Main News