එජාප-දෙමල සන්දාන නව ආණ්ඩුවක්.. සම්බන්ධන්ට ඇමතිකමක්.. ශ‍්‍රීලනිපය ඉවතට..

January 20, 2018 at 4:40 pm | lanka C news
එජාප-දෙමල සන්දාන නව ආණ්ඩුවක්.. සම්බන්ධන්ට ඇමතිකමක්.. ශ‍්‍රීලනිපය ඉවතට..

එක්සත් ජාතික පක්‍ෂය හා දෙමළ ජාතික සන්ධානය එක්ව පාර්ලිමේන්තුවේ ආණ්ඩුවක් පිහිටුවීමේ සාකච්චා පැවැත්වෙන බව දේශපාලන ආරංචි මාර්ග කියයි.

පළාත් පාලන මැතිවණයෙන් පසුව එම ආණ්ඩුව පිහිටුවීමේ උත්සාහයක් ක‍්‍රියාත්මක වන්නේ යයිද සදහන්ය.

දෙමල ජාතික සන්ධාන ආණ්ඩුවට එක්වීමත් සමග එහි නායක ආර් සම්බන්ධන් මහතාට ප‍්‍රබල ඇමති ධුරයෙක් ලබා දෙනු ඇති බවද පැවසෙයි.

15 views

7 Comments to “එජාප-දෙමල සන්දාන නව ආණ්ඩුවක්.. සම්බන්ධන්ට ඇමතිකමක්.. ශ‍්‍රීලනිපය ඉවතට..”

  1. Gadol says:

    29 වතාවක් මහජනයා පරාජය කරපු එක්සත් ජාතික පක්ෂය මේ තත්වයට ගෙනාවේ සිරිසේන විසිනි මෙය පරාජය කල යුතුය

  2. Saradiel says:

    එපා එතෙර උන්ට දෙන්න ඉසුරු මව් බිමේ …..
    එපා පරපුරක් හෙලන්න අඳුරු මාවතේ…………
    තවත් නෑ රටක් රකින්න පුදා ජිවිතේ ……….
    බලා ඉන්න එපා එන්න දවස මේ ඔබේ ….//

  3. lion says:

    රට බෙදීමේ කුමන්ත්‍රණයට එරෙහිව නැඟී සිටිමු!!!
    රට ජාතිය බේරා ගනිමු!!!

  4. comes to the same UNP& SLFP& TNA all are equal to vellupillai praba’s LTTE.

  5. kamalasirikuruwita says:

    ජන මනස අවුල් කරන්න ගන්න මෝඩ උත්සාහයන් .මෙය ජනතාව ගොනාට අන්දන්න හදන තවත් නාට්‍යය ක කොටසක් බව ජනතාව දන්නවා. චන්ද දවසට පෙර පැය හතලිස් අට තහනම් කාලය තුලදී අනිවාර්යයෙන්ම ජනපති තවත් මහා නාට්‍යක් රූපවාහිනියෙන් රංග දක්වන එක ඉර හඳ වගේ ෂුවර්. ඔන්න නොකිව්වයි කියන්න එපා. ඔන්න මීහරක් වගේ හැඟීම් වලට වහල්වී ඇන්දෙන්න බලා ගෙන හිටපියවූ !!!!

  6. samuvel says:

    මහින්ද වරක් මග වරද්දා ගත්තේය.එයින් රට ආරාජික විය. එසේ උවත් නැවත රට රකිමු, ගොඩ ගනිමු .රට පාවා දෙන තවත් සිරිසේනලා එපා. වැරදි හදාගත් මහින්ද යලිත්ගෙනඑමු.

  7. kadiya says:

    එතකොට ආණ්ඩුවේ ඉන්න SLFP ඇමතිවරුන්ට මොකද වෙන්නේ? පව් අනේ ඔවුන්ටත් නියෝජ්‍ය ඇමති, උපඇමති, රාජ්‍ය ඇමති, කාර්ය නියමයක් නැති ඇමති, ජේෂ්ඨ ඇමති වගේ මොකක්හරි අටමගලක් හදල දෙන්න. නැතිනම් ගෙදර යන්න බැහැ. මැඩම් ගෑණි ගහල එලවනවා. පව් අප්පා.

Main News