එජාප නම් කපා ඇත්තේ අගමැති රනිල්.. අගමැතිගේ අත්සනින් ජනපතිට එවූ ලිපිය මෙන්න…
December 21, 2018 at 10:53 pm | lanka C news
කැබිනට් මණ්ඩලය දිවුරුම් දීමට දින දෙකකට පෙර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නිල නිවසට එජාප නියෝජිතයන් ලෙස අගමැති රනිප් වික්‍රමසිංහ, රාජිත සේනාරත්න, මලික් සමරවික්‍රම, රන්ජිත් මද්දුම බණ්ඩාර යන පිරිස පැමිණ තිබේ.
එහිදී මුලින්ම මලික් සමරවික්‍රම මහතා ජනාධිපතිට යෝජනා කර ඇත්තේ කලින් ලෙසම ජාතික ආණ්ඩු ගිවිසුම අත්සන් තැබීමටයි.
එය යෝජනාව තදින්ම ප්රතික්ෂෙප කර ඇති ජනාධිපතිවරයා යෝජිත කැබිනට් මණ්ඩල ලැයිස්තුව ඉල්ලා තිබේ.
එහිදී එජාපය විසින් යෝජිත ඇමතිවරුන් 36 ක ලැයිස්තුවක් ලබා දී ඇති අතර එය 28 තෙක් අඩු කරන්නැයි ජනාධිපති දන්වා ඇත.
අනතුරුව එම ලයිස්තුව පරීක්ෂා කල ජනාධිපතිවරයා ඛණිජ තෙල් අර්ජුන රණතුංගට ලබා දීමට විරෝධය පල කර ඇත්තේ එහි පුද්ගලයකු ඝාතනයට ලක් වූ නිසායි. එහිදී අර්ජුන වෙනත් ඇමතිකමට යොදා තිබේ.
ඉන් අනතුරුව ලයිස්තුවේ සිටි සියළු ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් ඉවත් කිරීමට ජනාධිපතිවරයා කටයුතු කර ඇති අතර සරත් ෆොන්සේකාට ඇමති ධුරයක් දීමටද විරෝදය පල කර ඇත.
අවසානයේ 28 දක්වා ලයිස්තුව අඩු කිරීම ජනාධිපතිවරයා විසින් එජාපයට බාර දුන් පසු පාලිත රංග බණ්ඩාර, රවින්ද්‍ර සමරවීර, ස්වාමිනාදන් යන අයගේ නම් කපා දමා ඇත්තේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසිනි.
අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ අත්සනින් යුතු මේ සම්බන්ධයෙන් වන මුල් නම් ලයිස්තුව මේ වන විට සමාජ ජාලයන්හි හුවමාරු වෙමින් ඇත.
UNP කපටි නරින්ගෙන් ප්‍රවේසම් වෙමු
අම්රිතාවූ රනිල් ලඳෙසුගේ වික්ක්ර්මය????????????තොපිට මැර්නත් චූඅන්පී????????????
එයා කොහොමත් ‘කපන්න’ හපනෙක් නෙව…ඒක ලෝකෙම දන්නවා…
කැකුලෙ උන් සපුරුදු කූඨ ලේඛණ මගඩිය පටන් අරන්.
Maithree isthira karanna ba kyapu hinda Ranil kapala athi. Eken anithima theenduwa kawda dunne, Janadhipathi, ohu thamai kapapu egollan path karanna ba kiwwe!