එජාප නව සන්ධානයේ ජනාධිපති අපේක්ෂකයා රාජිත සේනාරත්න..?
November 30, 2018 at 3:00 pm | lanka C news
ඉදිරි ජනාධිපතිවරණය සඳහා ජනාධිපති අපේක්ෂකයා ලෙස හිටපු ඇමති රාජිත සේනාරත්න මහතා ඉදිරිපත් කිරීමට සාකච්ඡාවක් එක්සත් ජාතික පෙරමුණ සහ ඊට සම්බන්ධ පක්ෂ අතර සිදුවීම් පවතින්නේ යැයි වාර්තා වෙයි.
ඉදිරි මැතිවරණ සඳහා මුහුණදීමට දැනටමත් නව සන්ධානයක් ගොඩ නැගීම සඳහා සාකච්ඡාව සිදුවෙමින් ඇති අතර එම නව සන්ධානයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස සේනාරත්න මහතා පත්කිරීමට මෙමගින් යෝජනා කෙරේ.
දැනටමත් රාජිත සේනාරත්න මහතා බොහෝ ස්ථානවල අදහස් පල කරමින් සිටින්නේ ඉදිරි ජනාධිපතිවරණය අපේක්ෂකයා තමන් යැයි හැඳින්වෙන පරිද්දෙනි.
කෙසේවෙතත් මෙය අවසන් තීරණයකට මෙතෙක් එළැඹ නැති යෝජනාවක් බව ද එජාපයේ අභ්‍යන්තර ආරංචි මාර්ග වාර්තා කරයි.
එමෙන්ම තවදුරටත් අගමැති අපේක්ෂකයා මෙන්ම පක්ෂ නායකයා රනිල් වික්‍රමසිංහ මහතා වනු ඇතැයිද එම ආරංචි මාර්ග කියයි.
MARAYANTA HONDA KALAYAK
His son is better.