එජාප නායකකමත්, විපක්‍ෂ නායකකමත්, මන්ත‍්‍රීකමත් මට එපා.. මට පාඩුවෙ ඉන්න දීපල්ලා..- සජිත් පිලට සජිත් බැන වදී..

December 16, 2019 at 10:32 pm | lanka C news
එජාප නායකකමත්, විපක්‍ෂ නායකකමත්, මන්ත‍්‍රීකමත් මට එපා.. මට පාඩුවෙ ඉන්න දීපල්ලා..- සජිත් පිලට සජිත් බැන වදී..

තමුන්ට එක්සත් ජාතික පක්ෂයේ නායක කම, විපක්ෂනායක කම හෝ පාර්ලිමේන්තු මන්ත්‍රීධූරය වත් වුවමනා නැති බව එක්සත් ජාතික පක්ෂයේ පරාජිත ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කර තිබේ.

ඔහු මේ බව සඳහන් කර ඇත්තේ එක්සත් ජාතික පක්ෂයේ අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ගිය එම පක්ෂයේ ප්‍රබලයෙකු වන පූජ්‍ය තීනියාවල පාලිත හිමියන් ඇතුළු පිරිසක් සමග අදහස් පල කරමිනි.

පසුගිය ජනාධිපතිවරණයේදී තමන් මිලියන දෙසිය හැට ගණනක් ණය වූ බවත් එය ගෙවා ගත නොහැකිව මේ දිනවල දුරකථනය විසන්ධි කරගෙන සිටින බව සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේ යයි උන්වහන්සේ පැවසූහ.

එසේ සිටින තමන්ට එජාප මන්ත්‍රී පිරිසක් පැමිණ නැවත කරදර කරන බවද සජිත් ප්‍රේමදාස මහතා පවසා ඇති අතර ඔවුන් හමුවී මෙම කරදරය නවතා දෙන ලෙස තමන් වහන්සේගෙන් ඉල්ලා සිටි බවද උන්වහන්සේ සඳහන් කළහ.

කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී උන්වහන්සේ මෙම අදහස් පල කරන ලදී.

එජාප නායකත්වය සම්බන්ධයෙන් පූජ්‍ය තිනියාවල පාලිති හිමියන්ගේ අදහස්

එජාප නායකත්වය සම්බන්ධයෙන් පූජ්‍ය තිනියාවල පාලිති හිමියන්ගේ අදහස්

Gepostet von RU News am Montag, 16. Dezember 2019

122 views

27 Comments to “එජාප නායකකමත්, විපක්‍ෂ නායකකමත්, මන්ත‍්‍රීකමත් මට එපා.. මට පාඩුවෙ ඉන්න දීපල්ලා..- සජිත් පිලට සජිත් බැන වදී..”

  1. හාවා says:

    කතා නොකර සිටින තෙක් මෝඩයාත් පණ්ඩිතයෙකි .

  2. රොකී says:

    පැරදුනාම ගෙවාගන්න බැරි ණය දිනුවහම කොහොමද ගෙවන්නේ? මේ ගොල්ල බැලුවේ දිනලා හිටු කියලා ගහන්න.

  3. unmaadaa says:

    Fortunately he didn’t become the President of my country.

  4. කිරිමෙල් says:

    මෙච්චර මුදලක් හම්බකරේ මොනවා කරලද හැබෑටම?

  5. එතකොට අර දෙනවා කියපු පැඩි සල්ලි රැකියා කර්මාන්තශාලා කොහොමද දෙන්නේ මුදල් නොමැති නයකාරයෙක් ඒ ඔක්කොම සිහින කතා විතරයි රැකියාවක් නොමැති වෙනත් ආදායමක් නොමැති උගත්කමක් නැති මෙතුමා කොහොමද කිරියාකරන්නේකියලා හිතාගන්න පුලුවන්නේ

  6. සුදු හාමිනේ says:

    ඇත්ත රනිල් මුන්ට බොරුවට බය වුනේ. හරීන්, මංගල, සුජීව, අජිත් පෙරේරා, මද්දුම බණ්ඩාර, අශෝක් අබේසිංහ, හිරුනිකා, රෝසි, චන්ද්‍රානි දැම්මේ පඩ ෂෝ නේ. දැන්වත් කෙලින් ඉන්න, තරවටු කරන්න, එකෙක් දෙන්නෙක් අස් කරන්න, අනිත් උන්ට නොමින්ෂන් දෙන්න එපා. මාධ්‍ය සාකච්චා වලට ඉඩ දෙන්න එපා පක්ෂයේ ඉන්නවා නම් බාහිර ලෝකෙට කට වහගෙන ඉඳපල්ලා. ලෝකේ ඕනෑම පක්ෂයක ස්ථාවරය එයයි.

Main News