එජාප නායකත්වය ඉල්ලූ නවීන්ට වජිරගේ විරෝධය.. පිට ගෙදර එකා කියා චෝදනා..

July 27, 2020 at 11:20 am | lanka C news
එජාප නායකත්වය ඉල්ලූ නවීන්ට වජිරගේ විරෝධය.. පිට ගෙදර එකා කියා චෝදනා..

එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය තමන්ට අවශ්‍ය බවට එම පක්ෂයේ ජාතික සංවිධායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නවීන් දිසානායක මහතා විසින් කරණ ලද ප්‍රකාශයට ම පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා විරෝධය පළ කරයි.

ඔහු පවසන්නේ පක්ෂයේ නායකයෙක් දැනට මේ වන විට සිටිනා නිසා එම කාරණය මේ මොහොතේ සාකච්ඡාවට ගත යුතු නැති බවයි.

නවීන් දිසානායක මහතා විසින් සිදුකර ඇත්තේ අනවශ්‍ය නොමේරූ ප්‍රකාශයක් යයිද ඔහු කියා සිටියේය.

මාධ්‍යවේදීන් විසින් ගාල්ලේ දී සිදු කළ ප්‍රශ්න කිරීමක දී හිටපු ඇමැතිවරයා මෙම අදහස් පළ කරන ලදී.

නවීන් දිසානායක මහතා මෑතකදී රනිල් වික්‍රමසිංහ මහතාගේ සහභාගිත්වයෙන් පැවති ජන හමුවකදී කියා සිටියේ තමන්ට එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය අවශ්‍ය බවත් ඒ සඳහා රනිල් වික්‍රමසිංහ මහතාගේ සහයෝගය අවශ්‍ය නොවන බවත් ය.

නායකත්වය ලැබෙන්නේ තමන්ගේ ගෙදර එකෙකුට මිස අල්ලපු ගෙදර එකෙකුට නොවන බවද ඔහු එහිදී පැවසීය.

3,252 views

5 Comments to “එජාප නායකත්වය ඉල්ලූ නවීන්ට වජිරගේ විරෝධය.. පිට ගෙදර එකා කියා චෝදනා..”

  1. kamal says:

    i love play with indians but not rama aspiration. Because you don’t know 550 jathka tale of buddha and you have just symbol of ram. Not the quality of Ram. if you have quality of ram You read Kuddka nikaya of Buddha’s discourse. i am not talking about Buddhism to indian. i am talking about quality of life to indian they don’t know life of suffering. But they love quality as a indian i say you you read and make compulsory jathka stories in your education system. This is from your teacher Kamal. Your ram aspiration is saying namo buddhaya or namste and do demerits to others. Symbol it self not enough. You love Esoap stores also but remember order Jataka stories are on top.

  2. රංඡන් says:

    ගූ අං පී එකෙ ඉන්න අපත කරියා වඡිර අටපාස් නැති පොන්නය

  3. Sakunthala says:

    Nodakin apathaya thota me para minissu kelawanawa

  4. Sarath says:

    නවීන්ට පෞරුශ්ෂත්වයක් නෑ. නවීන්ට ව්‍යාකරන දොශ නැතුව, ගොතගහන්නේ නැතිව එක දිගට වාක්‍යක් කථා කරගන්න බැහැ. කොටින්ම class එකක් නෑ.

  5. Saradiel says:

    එක්සත් ජාතික පක්ෂය කියන්නේ අනගාරික තුමා කියාපු කළු සුද්දන්ගේ පක්ෂයක් චන්දය දීමෙන් වලකිමු.

Main News