එජාප නායකත්වය කරූට.. විපක්‍ෂ නායකත්වය සජිත්ට.. විවේකය අවශ්‍යයි කියා රනිල් දේශපාලනයෙන් සමුගනී..

November 30, 2019 at 10:40 am | lanka C news
එජාප නායකත්වය කරූට.. විපක්‍ෂ නායකත්වය සජිත්ට.. විවේකය අවශ්‍යයි කියා රනිල් දේශපාලනයෙන් සමුගනී..

කරු ජයසූරිය මහතාට එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය ලබාදීම සඳහා පක්ෂ නායක හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සූදානම්ව සිටින බව වාර්තාවේ.

එමෙන්ම විපක්ෂ නායක ධූරය සජිත් ප්‍රේමදාස මහතාට ද ලබා දී දේශපාලනයෙන් විශ්‍රාම ගැනීමට තමන් සූදානම් බව සමීප පුද්ගලයන් කිහිපදෙනකු සමඟ වික‍්‍රමසිංහ මහතා පවසා තිබේ.

මේ ගැන ඔවුන් සමගින් වික‍්‍රමසිංහ මහතා දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇතැයිද වාර්තා වෙයි.

තමනට දැන් විවේකයෙන් කාලය ගත කිරීමට අවශ්‍ය බව පවසා ඇති වික්‍රමසිංහ මහතා මීළඟ ජනාධිපතිවරණය වෙද්දී තම වයස අවුරුදු 75ක් වන බව ද සඳහන් කර ඇත.

එක්සත් ජාතික පක්ෂය රැකගෙන ඉදිරියට යන කැපකිරීම් කළ හැකි නායකයන් ඉදිරි කාලයේදී ද අවශ්‍ය යැයි ද වික්‍රමසිංහ මහතා සඳහන් කර ඇතැයි ද වාර්තා වේ.

59,143 Viewers

13 Comments to “එජාප නායකත්වය කරූට.. විපක්‍ෂ නායකත්වය සජිත්ට.. විවේකය අවශ්‍යයි කියා රනිල් දේශපාලනයෙන් සමුගනී..”

  1. Fedrick Krishan senarath says:

    ලංකාවේ පාර්ලිමේන්තුවේ ඉන්න බුද්ධිමත්ම මන්ත්‍රිවරයා රනිල් වික්‍රමසිංහ හිටපු අගමැතිවරයයි සජිත්ට කිසිම දෙයක් නැත කියන්න කියලා දෙයක් අඩුම අධ්‍යාපන සහතිකයක් නැත ලංකාවේ බිහිවු සියළුම අගමැතිවරුන් ජනාධිපතිවරුන් (මෛත්‍රීපාල හැර)උගත් බුද්ධිමත් අයයි සජිත්ගේ තාත්තා රැ ස්කොලේ කියන එකල පැවති එයට ගොස් අධ්‍යාපනය හදාරා ඇත සජිත් අවම මට්ටමකට වත් හදාරා නැත ඔහුට පක්ෂය රැකගෙන ඉදිරියට යැම අසිරුවනු ඇති යුඑන්පි එකේ අවසානය සජිත් තමයි කරන්නේ

    • බන්ඩා says:

      රනිල් දක්ෂයෙක් නම් වසර පහක අගමැති කමෙන් පස්සෙ යූඑන්පී පක්ෂ නායක විදිහට ජනාධිපතිවරණය ට ඉදිරිපත් උනේ නැත්තෙ ඇය්?)

      • හෙලයා says:

        75%ක් සිංහල ජනතාව විසින් සජිත් සහ එජාපය ප්‍රතික්ෂේප කරල ඉවරය්. කරැ ට රනිල්ට පමනවත් ජනතා ප්‍රසාධය නැහැ. යූඑන්පීය ට අබ සරණය්.

    • බුද්ධියක් නැති, බටහිර අධ්‍යාපන ගිරවුන්ගෙ උපාධි සහතික කන්නද? ඔය හිටියෙ ගිය ආන්ඩුවෙත් බුරුතු පිටින්.. රට කාපු එක විතරයි කළේ… බුද්ධිමත් නම් උපාධි නැතත් කමක් නෑ.. හැබැයි ඉතිං සජිත්ට උගත් කමත් නෑ… බුද්ධියත් නෑ,,, පත් කරගත්තොත් රටම ඉවරයි..

    • jsk says:

      සමාදානයේ සැතපේවා. රට කාපු කාලකන්නියා.

  2. jeewan says:

    Budu ammo karu ta 80. tawama balayata tanhawa. meyath dan retire wenna one taruna ayata ida dila

    • Nilan says:

      Chamal duwala gihin epa thenpathkara mathakada ? Minihata wayasa keeyada??
      Mahinda tath 74, Gotath 70 penapu ekek
      Ubata UNP kaarayonge wayasa witharada penne

      • මලිති says:

        ඒ වුනාට රනිල් ඒ ඔක්කොටම වඩා වයස පාටයි. 85ක් විතර කිව්වහැකි 😊

  3. සරා says:

    ඒක නිසා ‌ෙවෙන්නැති විපක්නායක කාර්යාලයේ යතුරු ඉල්ලාගෙන ගිහිල්ලා තියෙන්නේ.

  4. නාකියා says:

    කරුට වයස 79. යි

    • Politics says:

      Who cares Sajith fool. He is the number one mad politician I have ever seen. Ranil is a better leader than Sajith. UNP members who have lost the way forward try to make him a leader, just because his farther was once a president. His farther was an utter fool and nothing can be expected from Sajith.

  5. යහපාල says:

    විවේකීව ඉන්න ගමන් කම්මැලිකම යන්නත් එක්ක රූකඩය නටවන්නත් පුලුවන්

  6. Ratnamalala says:

    ඉක්මනින්ම බැඳුම්කරේ ගැන නියම විමර්ශනයක් කර නීතිමගින් කටයුතු කලොත්නම් වැලිකඩ බෝඩිමේ විවේක සුවයෙන්ම අවසානය දකින්න පුළුවන්.

Leave a Comment

Main News