එජාප නායකත්වය සජිත්ට නොදුන්නොත් අලුත් පක්‍ෂයක් හදනවා.. 70%ක් එජාප මන්ත‍්‍රීන් සජිත් සමගයි..

January 13, 2020 at 1:20 pm | lanka C news
එජාප නායකත්වය සජිත්ට නොදුන්නොත් අලුත් පක්‍ෂයක් හදනවා.. 70%ක් එජාප මන්ත‍්‍රීන් සජිත් සමගයි..

16 වැනිදාට පෙර එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය සජිත් ප්‍රේමදාස ලබා නොදුනහොත් නව දේශපාලන සංවිධානයක් පිහිටුවීමට කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක අබේසිංහ මහතා සඳහන් කළේය.

ඒ සඳහා දැනටමත් එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 70%ක් එකඟතාව පළ කර ඇතැයි ද ඔහු පැවසීය.

දැනටමත් පක්ෂයේ නායකත්වය සජිත් ප්‍රේමදාස මහතාට ලබාදිය යුතුයැයි යෝජනා කර තිබෙන බවත් යම් හෙයකින් බෙදීමක් ඇති වුවහොත් බහුතර කැමැත්ත අනුව තීරණය කිරීමට ඡන්ද විමසීමක් වුවද පැවැත්විය හැකි බවද ඔහු සඳහන් කළේය.

දැනටමත් එක්සත් ජාතික පෙරමුණ පක්ෂ නායකයින් සියලු දෙනාම පාහේ සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් ඇතිකරන නව සන්ධානයට කැමැත්ත පළකර ඇතැයිද ඔහු කියා සිටියේය.

19,917 Viewers

7 Comments to “එජාප නායකත්වය සජිත්ට නොදුන්නොත් අලුත් පක්‍ෂයක් හදනවා.. 70%ක් එජාප මන්ත‍්‍රීන් සජිත් සමගයි..”

  1. sw says:

    TNA එක වෙනම ඉල්ළුවහම සජිත්ට ලක්ෂ 20 ක් විතර ලැබෙයි .

  2. Habeeb says:

    Mewara EJAPE vipakshetath nayakathwaya dhennda bariwey.

  3. Chinthana says:

    This People who proposed sajith would be having another idea. Sajith would be chased out and push another Person as a leader of UNP by the same people who proposing….

  4. හිටන්ගෙදර අප්පුහාමි says:

    මුන්ට පුළුවන් නේ කරත්තේ බැඳලා දක්කන්න. මහරාජා කට මැදගෙන බලන් ඇති.

  5. බුරන බල්ලෝ සපා නොකා අපායට යති. says:

    බුරන බල්ලෝ සපා නොකා අපායට යති. වල් බල්ලෝ හුළං ගසති.

  6. Nawodhi says:

    But people not with Sajith

  7. .පරණ කසිප්පු හොරුද?අළුත් මැටි කල ගෙඩිද මාමේ. says:

    සජිත්ට නොදුන්නොත් අලුත් පක්‍ෂයක් හදනවා..පරණ කසිප්පු හොරුද?අළුත් මැටි කල ගෙඩිද මාමේ. පිම්බුවාට බඩ ගෙම්ඹට බෑ වැඩ. තිබුනු පු…. කෙත් මිරිස් කෑලි. රන්ජන් ගෙන් අහල බලාපන් කෝ මාමේ.

Main News