එජාප නායකයින් දඩයම් කිරීමේ කුමන්ත‍්‍රණ කරන කාට වුවත් එරෙහිව දැඩි පියවර ගන්නවා..

August 14, 2017 at 6:42 am | lanka C news
එජාප නායකයින් දඩයම් කිරීමේ කුමන්ත‍්‍රණ කරන කාට වුවත් එරෙහිව දැඩි පියවර ගන්නවා..

එක්සත් ජාතීක පක්ෂයේ මැති ඇමතිවරුන් පිළිබද ප‍්‍රශ්න කිරිමට ඒකාබද්ධයේ මන්ත‍්‍රීවරුන්ට සදාචාරාත්මක අයිතියක් නැතැයි පාර්ලිමේන්තු මන්ත‍්‍රිනී රෝහිණි විජේරත්න කවිරත්න මහත්මිය සදහන් කළාය.

අද ඇති වී තිබෙන ප‍්‍රජාතන්ත‍්‍රවාදී ප‍්‍රවාහය තුළ එක්සත් ජාතික පක්ෂයේ පිරිස් දඩයම් කිරීමේ ක‍්‍රියාවලියක කවුරුන් හෝ නිරත වන්නේනම් ඊට එරෙහිව දැඩි පියවර ගන්නා බව ද ඇය සදහන් කළාය.

රවි කරුණානායක අමාත්‍යවරයා පිළිබද ජනාධිපති කොමිසම ක‍්‍රියාකළ ආකාරයත් චෝදනා එල්ලවී ඇති ඒකාබද්ධයේ මන්ත‍්‍රිවරුන් සම්බන්ධයෙනුත් ක‍්‍රියාකරණ ආකාරය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය දැඩි අවදානයෙන් පසුවන බව ද ඇය සදහන් කළාය.

ලග්ගල ප‍්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ පාලම් රැසක වැඩ ආරම්භ කිරීමේ අවස්ථාවකට එක්වෙමින් ඇය මේ බව සදහන් කළාය.

උත්සව අවස්ථාවට පැමිණි පිරිස අමතමින් මාතලේ දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රිනි හා ලග්ගල එක්සත් ජාතික පක්ෂ සංවිධායිකා රෝහිනි ව්ජේරත්න කවිරත්න මහත්මිය වැඩිදුරටත් මෙසේ ද සදහන් කළාය.

‘‘ අවුරුදු හයක් තිස්සේ මහ බැංකුවේ කබිරාල් මැතිතුමාව පාර්ලිමේන්තුවට ගෙන්න ගන්න බැරිව ගියා. මහ බැංකුවේ ඊ පී එෆ් මුදල් හොරකම් කරලා ඒ ප‍්‍රශ්නේ ඇති වෙච්ච වෙලාවේ අද වෙනකම් බැරිව ගියා කබිරාල් මහත්තයාගෙන් ප‍්‍රශ්න කරලා අදාල වාර්තා ගන්න.

නමුත් අපි සතුටු වෙනවා පිටු අටදාස් හයසීයක් දින දෙකක් ඇතුළත විමර්ශනය කරලා අද තීන්දුවකට එන්න විශේෂ ජනාධිපති කොමිසමට හැකියාව ලැබිලා තියෙනවා.

එදා පී බී ජයසුන්දරට වඩා මුදල් අමාත්‍යංශයේ බලවත් වෙලා හිටියේ බැසිල් රාජපක්ෂ මැතිතුමා.

අපිට ප‍්‍රශ්නයක් තියෙනවා ඒ සම්බන්ධයෙන් ජනතාව මොනවද කතාකරන්නේ කියලා. පසුගිය වසර දෙකක් තිස්සේ එෆ්.සි.ඞී.අයි එකට ගෙනාපු ෆයිල් වලට මොකද වුනේ.

ඒවා තවමත් කල් යනවා.ගෙන්නපුවහම මතක නැ කියනවා. නයා ගැහැව්වා කියනවා.තාම නයා ගහපු මිනිහා මැරිලා නෑ. පාර්ලිමේන්තුවේ ඉන්නවා. එයා ගෙනල්ලා ප‍්‍රශ්න කරන්නේ කවදද කියලා අපි ලබාගෙන ඉන්නවා.

මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ,බැසිල් රාජපක්ෂ වගේ අය ගැන අපේ රටේ අය මොනවා කිව්වත් පිට රට අය කියන්නේ ‘ටෙන් ප‍්‍රසන් ’ කියලා.

එතකොට ශිරන්ති රාජපක්ෂගේ සිරිලිය ගිණුමට මොකද උනේ. ඒවා ඔප්පු වෙච්ච දේවල්. මේවා ගැන කවුද කතාකරන්නේ.

තාජුඞීන්ගේ ඝාතනය සිදුවු දවසේ පොලිසියේ ඉහල නිළධාරීන් එක්ක දුරකථන ඇමතුම් 46 ක් හුවමාරු වෙලා තියෙනවා. ඒවාගැන පරික්ෂණ සිද්ධ වෙන්නේ කොයි වෙලාවෙද.

මේවා දිහා අපි බලාගෙන ඉන්නවා.මහින්දා නන්ද ,රෝහිත අබේගුණවර්ධන,ලක්ෂ්මන් වසන්ත පෙරේරා ගැන,නිමල් ලන්සා ගැන,වෙල්ගම ගැන ඒ වගේම මිග් යානා ගනුදෙනුව ගැන වගේ චෝදනා සම්බන්ධයෙන් පරික්ෂණ සිදුවෙනකම් බලාන් ඉන්නවා කියන එක මේ කොමිසම් වලට මතක් කරන්න කැමතියි.

මේ රටේ ජනවාරි අට වෙනිදා විප්ලවය කරපු අයට අභිමානයෙන් අද කතාකරන් පුලූවන් චෝදනාවක් එල්ලවු පමණින් ඉල්ලා අස්වෙන ඇමතිවරු ඉන්නවා. මොකද පරික්ෂණ වලට සහාය දෙන්න. මේක හොද ප‍්‍රවනතාවයක්. එදා විප්ලවයට උර දීපු ජනතාවගේ කාර්යය භාරය වෙනවා මේ තත්ත්වය ඉදිරියටත් ආරක්ෂාකර ගැනීම.

අද පරික්ෂණ කොමිසන් වලට කැබිනට් ඇමතිවරු ගෙන්වන්න පුලූවන්. ප‍්‍රශ්න කරන්න පුලූවන්. නමුත් එදා එහෙම තත්ත්වයක් තිබ්බේ නැනේ.වෙනස කියන්නේ ඒකටනේ’ යැයි ද ඇය සදහන් කළාය.

– ඉන්දික අරුණ කුමාර

235 views

20 Comments to “එජාප නායකයින් දඩයම් කිරීමේ කුමන්ත‍්‍රණ කරන කාට වුවත් එරෙහිව දැඩි පියවර ගන්නවා..”

  1. Bobby Pereira says:

    You wel paasi. It seems you don’t understand anything what is going on. Just because of the pressure from Sinna pora and Ponil, FCID and CID are sending files to the AG’s office. No public prosecutor will bring a case to a court unless he is at least 50 percent sure that he can win the case. Otherwise he would be skinned alive by the defense attorneys. These so called finished files either have no evidence or very little evidence to get a conviction. That must be the reason that the AG is reluctant to file charges. Not because they love MR and the crowd.

    • Sihala Yaka - සිහල යකා says:

      Well said.

      ඇටෝර්නි ජනරල් දෙපාර්තමේන්තු වෙ ඉන්න නිළධාරීන් ගේ ක්‍රමවේදය ගැන කිසිම වැටහීමක් නැතුව නූගත් මෝඩ ගෑනු ගොන් කම ප්‍රදර්ශනය කරනව​. පොලිස් කාරයො මොනවහරි පුරවල ෆයිල් එව්වට ඒ මිනිස්සු තමන් ගෙ නම කැත කරගන්න ඒව උසාවියට දාන්නෙ නෑ.පැහැදිලි නිමිත්තක් හා සපෝට්ව් සාක්කි තියෙන බව ස්ථිර නම් පමණයි ඒව උසාවි දන්නෙ. බොරු බෙගල් වලින් ෆයිල් පිරෙව්වට වැඩක් නෑ.

  2. කුරුල්ලා says:

    අක්කෙ ඔයා කව්ද?

  3. parliament jokers says:

    Ejapa horunta danduwam kara kiyala meyata thada wela wagei. Thawama danduwam kare naha, patan gaththa witharai. Thawa horu keeyak polime innawada hoyala balanawa uduburulanna issella.

  4. chandana. says:

    Akka jange dalada dannena neda?….

Main News