එජාප නායක රණ්ඩුව තවත් දරුණු වෙයි.. නවීන් දිසානායක-දයා ගමගේත් සටනට..

January 4, 2020 at 3:00 pm | lanka C news
එජාප නායක රණ්ඩුව තවත් දරුණු වෙයි.. නවීන් දිසානායක-දයා ගමගේත් සටනට..

එක්සත් ජාතික පක්ෂයට කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට ඉදිරිපත් වී තිබෙන යෝජනාවට විරුද්ධව මත කිහිපයක් ඉදිරිපත් වී තිබීම නිසා අර්බුදකාරී තත්ත්වයකට ලක්ව ඇත.

එජාප ඇතැම් පිරිස් මෙම යෝජනාවට සහාය පළ නොකිරීම හේතුවෙන් නායකත්ව මණ්ඩලයේ ප්‍රධානියා ලෙස නවීන් දිසානායක හා දයා ගමගේ මහතාගේ මහත්වරුන්ගේ නම්ද යෝජනා යෝජනා කිරීමට සූදානම් වෙමින් සිටී.

පිරිසක් යෝජනා කරන්නේ ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් විය යුත්තේ නායකත්ව මණ්ඩලයක් මගින් පක්ෂ අර්බුදය විසදාගෙන බවයි.

තවත් පිරිසක් ප්‍රකාශ කරන්නේ නායකත්ව මණ්ඩලයට තදින් විරුද්ධ බවත් පක්‍ෂ නායකත්වය මහ මැතිවරණයට පෙර සජිත් ප්‍රේමදාස මහතාට ලබා දිය යුතු බවත්ය.

කෙසේ නමුත් පක්ෂයේ ව්‍යවස්ථාව අනුකූලව ඇති තත්ත්වය නම් 2025 වනතුරු පක්ෂ නායකත්වය රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කිරීම සඳහා පක්ෂ මහ සමුළුවේ දී යෝජනාවක් සම්මත කර ගෙන තිබීමයි.

105 views

7 Comments to “එජාප නායක රණ්ඩුව තවත් දරුණු වෙයි.. නවීන් දිසානායක-දයා ගමගේත් සටනට..”

  1. ගන්ජ බන්ඩා says:

    එජාපය ට විශාල ලෙස ආයෝජනය කර ඇති දයා ගමගේ දැන් ප්‍රතිලාබ බලාපොරොත්තු වෙනවා. පක්ෂය නෙවෙය් රට විකුනා හෝ ලාබාංශයය් මිනිහට ඕනෑ.

  2. විනෝදිනි says:

    2025 රනිල් ජනාධිපති කරමු. ඔක්කොම ප්‍රශ්ණ ඉවරයි.

  3. Janaka from Matara says:

    අජිත්-හරින් පටන් ගත් තොයිලය නිසා දැන් රනිල් ගෙනියන ගේම හරි යයි සිතෙයි. අප්පා ජනපති – බප්පා අගමැති – මාමා පුරපති නිසා බබා නායක තියරිය දැන් මේ රටට අදාල නොවේ.
    හැමෝටම කිව යුත්තේ තම තමංගේ කොට්ටාස / දිස්ත්‍රික්ක එන චංදෙදි දිනා තම තමංගේ දේශපලන නායක කමට තියෙන අයිතිය පලමුව පෙන්විය යුතුයි. නායකයා තෝරා ගැනීමේදී ඒ ප්‍රතිපලය ට ලොකු බරක් දිය යුතුයි.

  4. Saradiel says:

    “එක්සත් ජාතික පක්ෂය මේ රටට කරපු අපරාදය පල දෙනවා. ඒ නිසා එක්සත් ජාතික පක්ෂය ඇන කොටා ගන්නවා.

  5. Sudeeva says:

    Sajith kiyanne minissunta vadakarana R.premadasa kenek nova kuppa kuhakayek bava manaavata oppukaraa. Hodai mehema vechcha eka. Oba naayakathvayata garu nokaranathaak obatada athvanne miita nedeveni iranamak. JVP eka mahachanden idiriyata paminenava niyathai.obala degollonma hariyanne naha.

  6. Sampath says:

    ජනපති අපේක්සකගේ පත්‍රිකා බෝතල් පත්තර කඩේට වික්ක එකාට නායකත්වය දුන්නොත් යසට හිටි

  7. සරා says:

    මොකා ඉස්සර වුනත් අත්වන්නේ දැවැන්ත පරාජයක් තමයි.අපි බලමු කව්ද දුවන ‌ෙකොච්චියට මුලින්ම ‌ෙබෙල්ල තියන්න ඉදිරිපත් ‌ෙවෙන්නේ කියලා.

Main News