එජාප නායක වෙන්නට නවීන්-රවි-දයා සටනක..
July 22, 2020 at 6:28 am | lanka C news
එක්සත් ජාතික පක්ෂය මෙන් නොව ජාතික සමගි ජනබලවේගය තුල හොද සමගියක් ඇති බවත් , එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා මැතිවරණයෙන් පසු පක්ෂ නායකත්වය හැර යන විට එම පක්ෂ නායකත්වය ලබා ගැනිමට නවින් දිසානායක , රවි කරුණානායක සහ දයා ගමගේ යන අය අතර තරගයක් ඇති වි ඇති බව ජාතික සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා පැවසිය.
රංජිත් මද්දුම බණ්ඩාර මහතා එ බැව් කියා සිටියේ ජාතික සමගි ජනබලවේගය යටතේ නුවරඑලිය දිස්ත්‍රික්කයෙන් තරග කරන අපෙක්ෂකයන්ගේ ජයග්‍රහණය තහවුරු කිරිම සදහා මස්කෙලිය ප්‍රදේශයේ පැවති පාක්ෂික හමුවක් අමතමිණි.
මෙහිදි වැඩි දුරටත් අදහස් දැක් වු රංජිත් මද්දුම බණ්ඩාර මහතා කියා සිටියේ
සජිත් ප්‍රේමදාස කියන්නේ සියළු ජාතින් එකතු කරන්න පුළුවන් නායකයෙක්. මේ රටේ ජාති බේදය ඇති වුණේ බණ්ඩාරනායකලා , රාජපක්ෂලා හදපු ශ්‍රි ලංකා නිදහස් පක්ෂය නිසා.
සිංහල මුස්ලිම් ගැටුම් හටගත්තේ රාජපක්ෂලාගේ ක්‍රියා කලාපය නිසා. අපේ පක්ෂයේ සියළුම ජාතින්ගේ අපෙක්ෂකයන් ඉන්නවා.
එක්සත් ජාතික පක්ෂය දහ පහලොස් දෙනෙක්ට සිමා වුණ පක්ෂයක් , වැඩ කරන නායකයෝ ඉන්නේ සමගි ජන බලවේගයේ. එක්සත් ජාතික පක්ෂයට තියෙන්නේ බොඩ් ලැල්ලයි , අලියයි විතරයි.
ජන්ද නැති වුණාම නවින් දිසානායක කියනවා සමගි ජන බලවේගයේ අස්සේ ප්‍රශ්නයක් තියෙනවා කියලා. අපිට කිසිම ප්‍රශ්නයක් නැ , එයාලා හදන්නේ ප්‍රශ්න ඇති කරන්න.
ලබන 5 වෙනිදායින් පස්සේ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා නායකත්වය දලා යනකොට , නායකත්වයට තරග කරනවා එක් පැත්තකින් නවින් දිසානායක , රවි කරුණානායක සහ දයා ගමගේ ඇතුළු පිරිස.
– හැටන් රංජිත් රාජපක්ෂ
anay mahamanya d.s. senanayake mahaththaya aethikala unp pakseta giya kalak. nugath kunu gammiris horekuth pakse nayakathwaya illanawa. gotte vahaluni, denwath pakesagena nohitha me para pohottuwata chande deepiyaw.