එජාප නායක වෙන්න මං සූදානම්..- අර්ජුන

August 30, 2020 at 1:20 pm | lanka C news

එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය තමන්ට ලබා දීමට පක්ෂය තීරණය කළහොත් පක්ෂ නායකත්වය භාර ගැනීමට තමන් සූදානම් යැයි එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුන රණතුංග මහතා සඳහන් කරයි.

මහර ප්‍රදේශයේදී මාධ්‍ය අමතමින් ඔහු මේ බව කියා සිටියේය.

දැනට කෘත්‍යාධිකාරි මණ්ඩලයේ දී පක්ෂ නායකත්වය සඳහා හතර දෙනෙකුගේ නම් සහ සාකච්ඡා වූ බවත් තම නම ද යෝජනා වී ඇති බවත් ඔහු සඳහන් කළේය.

පක්ෂය කැඩෙන්නේ බිඳෙන්නේ නැතිව ඉදිරියට ගෙන යන තීරණයකට තමන් සහාය දෙන බව ද ඔහු එහිදී තව දුරටත් පැවසීය.

11,286 views

5 Comments to “එජාප නායක වෙන්න මං සූදානම්..- අර්ජුන”

  1. Araliya says:

    E kiyanne UNP akuru thunawath ithuru wenne nehe kiyalada?

    • කොළඹ බයියා says:

      බෝලෙට බැට් එකෙන් ගහනවා වගේ ලේසි නෑ.

  2. Jan Dharmabandu says:

    No. Thank you Arjuna.

  3. Mahesh says:

    මසෙකට කිට්ටුයි චන්දේ ඉවරවෙලා. මුන්ට නායකයෙක් තෝරගන්න බෑ. පිනට ලැබුන ජාතික ලැයිස්තුවටත් තාම පත්කරගන්න බැරිවුනා. සහරාන් බෝම්බ ගහනකම් රනිලා උඩ බලන් හිටපු එක දැන් හොදට පැහැදිලියි. පාස්කු එකට වගේම බොන්ඩ් හොරාවන පොනිලාට වහා දඩුවම් දෙනු…

  4. Saradiel says:

    අනුන්ගෙ පහනෙන් එළිය බලනවා වගේ.
    තමා කිසිම වියදමක් නොකර අනුන්ගේ වියදමින් කටයුතු කර ගන්නා අවස්ථාවලදී යෙදේ.