එජාප නායක වෙන්න මං සූදානම්..

August 19, 2020 at 12:00 pm | lanka C news
එජාප නායක වෙන්න මං සූදානම්..

එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය භාරගෙන යළි ජයග්‍රහණය කරවීමට තමන් සූදානම් බව එම පක්ෂයේ නියෝජ්‍ය මහලේකම් රුවන් විජේවර්ධන මහතා සඳහන් කළේය.

සියළු දෙනාගේම සහායෝගය තමනට ලැබෙන්නේ නම් පක්ෂය ජයග්‍රාහී මාවතට ගෙන එන්නට තමන් සූදානම් යැයි ද ඔහු පැවසීය.

පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය හිටපු මන්ත්‍රීවරුන් සහ මැතිවරණයට තරග කර සියලු අපේක්ෂකයන්ගේ අදහස් මත පක්ෂය ගොඩ නැගීමට තමාට හැකියාව ඇතැයි ද ඔහු කියා සිටී.

මෙවර පක්ෂයට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය තමන්ට බාර දුන්නත් එය බාර ගන්නේ නැතැයි ද පැවසූ ඔහු පක්ෂය තනතුරක් ගෙන ප්‍රතිසංවිධාන කටයුතුවලට සහයෝගය දීම තම අරමුණු යැයිද කියා සිටියේය.

පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ දී මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු මේ බව පැවසීය.

32,606 views

6 Comments to “එජාප නායක වෙන්න මං සූදානම්..”

  1. කළු-තර says:

    පව්ලෙන් එන බූදලේනේ
    කොහොමහරි හදාගන්න ……

  2. narada says:

    සුද්දෝ හදලා ගිය කළු සුද්දෝ පරපුරේ අන්තිම පුරුක රනිල් , ඔහු බලය අතාරින්නෙ නැත්තේ ඔහුගේ කැමැත්ත නිසාම නොවේ. ඔහු නියෝජනය කරන පැලැන්තියේ උවමනාව නිසා. රනිල්ගෙන් පසුව මේ පැලැන්තිය වද වෙනවා. රුවන් පුස් වෙඩිල්ලක්

  3. Ksilva says:

    Kawda kiwwe epa kiyala
    Oya wage kammali bath gullek ena ekata api hari asai
    Mathakane April 21
    He slept until they artack
    Held State Defence ministerial post then

  4. upali sannasgala says:

    මේවගේ සෝබන හරකෙක් නායකයා උනොත් UNP එකට තියෙන ලක්ෂ 2 නැතිවෙනවා

  5. Janaka from Matara says:

    He does not come across as particularly sharp or energetic. To pull UNP out of this hole, someone with a better CV is needed.

  6. Nalaka says:

    What an idiot to become the leader of unp.
    This fellow is not suit al all to become the leader

Main News