එජාප පසුපෙල පුපුරයි.. කබීර් හෂීම්ගේ කාර්යාලයේ දොර කඩාගෙන එජාප මන්ත්‍රීවරු කඩා පනිති..
January 17, 2019 at 10:27 pm | lanka C news
එක්සත් ජාතික පක්ෂ සභාපති සහ මහා මාර්ග අමාත්‍ය කබීර් හෂීම් මහතා හමුවීමට බදාදා (16) එම අමාත්‍යංශයට ගිය එක්සත් ජාතික පෙරමුණු කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් විජේමාන්න මහතා ඇතුළු පිරිසකට ඇමතිවරයා හමුවීම සඳහා ඔහුගේ කාර්යාලයේ දොර කඩා දැමීමට සිදුව තිබේ.
ඊට හේතුවී තිබෙන්නේ පළාත් සභා සහ පළාත් පාලන මන්ත්‍රීවරුන් ගණනාවක් සමග කබීර් හෂීම් මහතා හමුවීමට අමාත්‍ය කාර්යාලයට පැමිණි ලක්ෂ්මන් විජේමාන්න මහතා ඇතුළු පිරිසට අමාත්‍යවරයා හමුවීම සඳහා ඔහුගේ නිලධාරීන්,ඇමති ආරක්ෂකයින් සහ සේවකයින් නිසි ලෙස අවස්ථාව සලසා නොදීමය.
මේ හේතුවෙන් ඇමතිවරයා හමුවීමට පැමිණ සිටී සාමාන්‍ය මිනිසුන් අතරම පැයකට අධික කාලයක් රැදී සිටිමින් රස්තියාදු වීමට ලක්ෂ්මන් විජේමාන්න මහතා ඇතුළු පිරිසට ද සිදු විය.
ලක්ෂ්මන් විජේමාන්න මහතා ඇතුළු පළාත් සභා සහ පළාත් පාලන මන්ත්‍රීවරුන් මෙසේ කබීර් හෂීම් මහතා හමුවීමට පැමිණ ඇත්තේ කළුතර දිස්ත්‍රික්කයේ මහා මාර්ග ව්‍යපෘතිවල තිබෙන ප්‍රමාදය වළක්වා ගැනීම සඳහා අවශ්‍ය සහයෝගය ලබා ගැනීම සඳහාය.
තමා එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු යැයි ද,තමා සමග සිටින්නේ පක්ෂයේ පළාත් සභා සහ පළාත් පාලන මන්ත්‍රීවරුන් පිරිසක් යැයි ද,තමා මෙසේ පැමිණ සිටින්නේ කළුතර දිස්ත්‍රික්කයේ ජනතාවගේ අවශ්‍යතාවයක් ඉටු කර ගැනීම සඳහා යැයි ද කියමින්,ඇමතිවරයා හමුවීමට නිසි ලෙස අවස්ථාව සලසන්නැයි ලක්ෂ්මන් විජේමාන්න මහතා එම ස්ථානයේ සිටී පිළි ගැනීමේ නිලධාරීන්ට සහ නිලධාරිනියන්ට දැනුම් දී ඇතත් ඔහුට එම අවස්ථාව හිමි වී නොමැත.
මේ හේතුවෙන් දැඩි අපහසුතාවයට,අවමානයට සහ අසීරුතාවයට පත්ව ඇති ලක්ෂ්මන් විජේමාන්න මහතා අනතුරුව ඔහු කර ඇත්තේ ඇමතිවරයා සිටී කාර්යාලයේ ප්‍රධාන දොරටුව අභියසට ගොස් ඊට දස වතාවක් පමණ තට්ටු කිරීමය.
එහෙත් කිසිවකුත් දොර විවෘත්ත කර නොමැති තත්ත්වය හමුවේ සිය ඉවසීමේ සීමාව ඉක්මවා ගොස් ඇති ලක්ෂමන් විජේමාන්න මහතා කර ඇත්තේ සිය දකුණු කකුලෙන් ප්‍රධාන දොරටුවට වැරෙන් පහර දී දොර කඩා ගෙන ඇමතිවරයාගේ කාර්යාලයට කඩා වැදීමය.
ලක්ෂමන් විජේමාන්න මහතා දොර කඩා ගෙන ඇතුළු වනවාත් සමගම ඇමතිවරයා හමුවීමට පැමිණ පැය ගණනනාවක් එළියේ රස්තියාදු වෙමින් සිටී ජනතාව ද ඔහු පෙරටු කර ගෙන ඔහුගේ පිටු පසින් ඇමතිවරයාගේ කාර්යාලයට කඩා වැදුණහ.
මේ සිද්ධියෙන් අතිශය වික්ෂිප්ත භාවයට පත්ව ඇති කබීර් හෂීම් මහතා මොහොතකට ගල් ගැසී ගියා වගේ කිසිවක්ම කතා නොකර ලක්ෂ්මන් විජේමාන්න මහතා දෙස තුෂ්නිම්භූතව බලා සිට ඇත.
අනතුරුව කට හඬ අවදි කරමින් කබීර් හෂීම් මහතා, ලක්ෂ්මන් විජේමන්න මහතාට චෝදනා එල්ල කරමින් බැන වැදී ඇති අතර ලක්ෂ්මන් විජේමාන්න මහතා ද, ඒ තත්ත්වයට තමා පත් වූ පසුබිම විස්තර කරමින් එම ක්‍රමවේදය විවේචනය කර ඇත්තේ කබීර් හෂීම් මහතාට ඇඟිල්ල දිගු කරමිනි.
– lankanewsweek
Hashim ge dora “chaka blast” karayi Wijemanne.
Onna ohoma thama waeda wenna o’nay. Moo nathinam budi.
wedi nowadin car walata ape salli wiyadam kara petrol; gahala, apema salliwalin aaraksawa damagena,apema salliwalin kana bona,mun 225 ratatama sapayak
LOKAYE KISIMA RATAKA MEHEMA NEHE,
YAKO PADIYEN KAPALLA, BEEPALLA GAMAN PALAYALLA O.L wath nethi ewun kopamana innawada
ඇත්තතටම ලක්ෂ්මන් විජේමාන්න කළ වැඩෙි හරියටම හරි. UNP ඇමතියො එකෙක් වත් හමුවෙන්න බැහැ. උං ගෙවල්වලත් නැහැ. කාර්යාලවලට ගියාම උංගෙ ආරක්ෂකයින්ගෙ ගෙමිබර් බලන්නත් සිදුවෙනවා. අඩුතරමින් මුංගෙ පෞද්ගලික කාර්ය මණ්ඩලවල ඉන්න ලේකමිවරැ එකෙක්වත් දුරකතනයටවත් පිළිතුරැ දෙන්නෙ නැහැ. මුංට ගහල එලවන්න ඔනි. මෙික තමයි අද UNP ඇමතියන්ගෙ සැබෑ තත්ත්වය.
ඒක ඇත්ත තමයි
Api oka araliya gaha mandiraye doratath karamuda? Ethakota anith amathiyoth baya wevi.
මන්ත්‍රීලට මෙහෙම නම් අනෙක් අයට කොහොම ඇතිද, 30000 කටත් වැඩි දේශපාලන පළිගැනිම් වලට කිසිම සහනයක් නොදුන්නේ මේ මනුස්සයා සභාපති වෙලත් හිටි කාලයේ තමයි. යූඑන්පී එක ප්රමුඛ සහ වැදගත් වෙලා තිබුනේ කොටින්ට සහන දෙන්නයි, උතුරට ඉඩම් දෙන්නයි, හමුදාවට චෝදනා ගේන්නයි මිසක තමන් වෙනුවෙන් රස්තියාදු වෙච්ච රස්සාවල් නැතිකරගත්ත පාක්ෂිකයින්ට වෙච්ච අසාධාරණ වලට හැරිලාවත් බලන්න නෙවෙයි. කාළකණ්ණිම පක්ෂයක් වෙලා ඉවරයි.
සාගලනම් උඩින් යන නිසා හමුවෙන්න කෙසේ වෙතත් දකින්නවත් නැහැ
Well said! A Great comment! His boss, I mean his partner who looks after his posterior also always visits him in Deniyaya by air force’s Bell helicopters from Colombo at least three days per a week.
nehe Dorsan, offici dineta sagala nowaradawama innawa. hamuwenna yanawada? udaw karanawa oonema kenekuta
ලක්ෂ්මන් විජේමන්න මහතාට අපගේ ආචාරය !