එජාප පසුපෙල මන්ත්රී 30ක් ජනපති හමුවී සාකච්චාවක..
December 31, 2016 at 8:02 am | lanka C news
එක්සත් ජාතික පක්ෂයේ පසුපෙල මන්ත්රීවරුන් 30කට වැඩි පිරිසක් ඊයේ පස්වරුවේ ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා හමුවී සාකච්චා කර තිබේ.
එජාප මහ ලේකම් ඇමති කබීර් හෂීම්ද හමු වී ඇති මෙම සාකච්චාවේදී එම මන්ත්රී පිරිස ජනාධිපතිවරයාට පෙන්වා දී ඇත්තේ ඇමති ඩිලාන් පෙරේරා වැනි පිරිස් විසින් දිගින් දිගටම එජාප විරෝධී ප්රකාශ කිරීම නිසා තමන් දැඩි අපහසුතාවයකට පත්වන බවයි.
එහිදී ජනාධිපතිවරයා පවසා ඇත්තේ මේ සම්බන්ධයෙන් තමන් දැඩි කණගාටුවට පත්වන බවයි.
ගෝටාභය රාජපක්ෂ මහතා දේශපාලනයට ගෙන එන්නේදැයි එජාප මන්ත්රී පිරිස ජනාධිපතිවරයාගෙන් විමසූ විට ජනාධිපතිවරයා සදහන් කර ඇත්තේ එවන් දෙයකට අවධානය යොමු වී නැති බවයි.
මෙම හමුව අවසන් වී ඇත්තේ ඉදිරියේදී සෑම දෙසතියකට වරක් හමුවී සාකච්චා කිරීමේ එකගතාවය මතය.