එජාප පාක්‍ෂිකයන්ගේ දැඩි විරෝදය මැද හැරිසන්-වජිර ඇමතිවරුන් පැන යති…

April 1, 2017 at 3:00 pm | lanka C news
එජාප පාක්‍ෂිකයන්ගේ දැඩි විරෝදය මැද හැරිසන්-වජිර ඇමතිවරුන් පැන යති…

අද පෙරවරුවේ පැවති අම්බලන්ගොඩ, රත්ගම, බලපිටිය හා කරන්දෙණිය එජාප ක‍්‍රියාකාරී හමුවක් දැඩි උණුසුම් තත්වයට පත් වූ අතර ඊට සහභාගී වූ ඇමතිවරුන් වන වජිර අබේවර්ධන හා පී හැරිසන් රැස්වීම මග නවතා පිටව ගොස් ඇත.

මෙම හමුව පැවැත්වී ඇත්තේ ඉදිරි මැයිි දිනය හා පෙලපාලිය සම්බන්ධයෙන් එජාප ක්‍රියාකාරීන් දැනුම්වත් කිරීම වෙනුවෙනි.

උණුසුම් තත්වය ඇති වී ඇත්තේ ඇමතිවරුන් විසින් පක්ෂ ක්‍රියාකාරීන් විසින් ඇසූ ප්‍රශ්නවලට ඇහුම්කම් නොදීම නිසය.

පාක්‍ෂිකයින් ප‍්‍රශ්න කර ඇත්තේ සහල් මිල ඉහළ යාම, රැකියා ප්‍රශ්න ආදිය වුවත් තවත් රැස්වීම් බොහෝ ඇති බව කියමින් ඇමතිවරුන් පිටත්ව යාමට උත්සහ කිරීම ඔවුන් දැඩි ලෙස විවේචනය කලහ.

14 views
Main News