එජාප පාක්‍ෂිකයන්ට පමණක් සමෘද්ධිය දෙයි.. උත්සවයට කෝටි 18ක්…

May 25, 2019 at 3:28 am | lanka C news
එජාප පාක්‍ෂිකයන්ට පමණක් සමෘද්ධිය දෙයි.. උත්සවයට කෝටි 18ක්…

ලක්ෂ හතර හමාරක තවත් පිරිසකට සමෘද්ධි සහනාධාරය ලබාදීමට සඳහා රජය තීන්දු කර ඇති බව සන්ධාන මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහින්ද අමරවීර මහතා පවසයි.

එක්සත් ජාතික පාක්ෂිකයන් තෝරාගෙන මෙම සහනාධාර ලබාදීම 31 වැනිදා සිදුකිරීමට නියමිතව ඇතැයිද ඔහු සඳහන් කළේය.

මෙම උත්සවය සඳහා ලක්ෂ 1800 ක් වියදම් කිරීමට සූදානමක් ඇති බවද ඔහු කියා සිටී.

මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ පාර්ලිමේන්තුවේදී අදහස් පළ කරමිනි.

එම චෝදනාවට පිළිතුරු ලෙස සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කියා සිටියේ වසර 20ක කාලයක් එක්සත් ජාතික පාක්ෂිකයන්ට සමෘද්ධිය නොලැබුණු බවත් එය දැන් හෝ ලබාදීමට විරුද්ධ විය යුතු නැති බවත් ය.

80 views
Main News