එජාප පාර්ලිමේන්තු අපේක්‍ෂකයෙකු වෛද්‍ය සභාවේ සභාපති ලෙස පත් කෙරේ.. සයිටම් සටනට වෙඩිබෙහෙත් වදී..

October 4, 2017 at 12:00 pm | lanka C news
එජාප පාර්ලිමේන්තු අපේක්‍ෂකයෙකු වෛද්‍ය සභාවේ සභාපති ලෙස පත් කෙරේ.. සයිටම් සටනට වෙඩිබෙහෙත් වදී..

ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති ධූරයට මහාචාර්ය කොල්වින් ගුණරත්න මහතා පත්කිරීම පිළිබඳව දැඩි විරෝධය පළ කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය හරිත මහතා කොලඹදී පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේය.

මහාචාර්ය කොල්වින් ගුණරත්න මහතා පත් කිරීමට තමාද එකග නොවන බව අග්‍රාමාත්‍යවරයා සමග පැවති සාකච්චාවලදීද ප්‍රකාශ කර තිබෙන බවත් ජනාධිපතිවරයාගේ අදහස් වී ඇත්තේ සියලු පාර්ශව වලට පිළිගත හැකි සභාපතිවරු පත් කිරීම බවත් ලේකම්වරයා පැවසීය.

2015දී පැවති පැවති පාර්ලිමේන්තු මැතිවරණයේදී කොල්වින් ගුණරත්න එක්සත් ජාතික පෙරමුණේ ජාතික ලැයිස්තුවටද නම් කර තිබූ බවත් ඔහුට ආයුර්වේද ඖෂධ නිෂ්පාදන සමාගමකට සම්බන්ධයක් ඇතැයි පැවසෙන බවත් නිසා ඔහු කිසිසේත්ම වෛද්‍ය සභාවේ සභාපති ධුරයට නුසුදුසු බවද සංගමයේ ලේකම්වරයා අවධාරණය කරයි.

සයිටම් හිතවාදියෙකු මෙන්ම දේශපාලන න්‍යාය පත‍්‍රයක් ඇති පුද්ගලයෙකු වෛද්‍ය සභාවට පත් වීමෙන් එහි ස්වාධීනත්වය ද බරපතළ ගැටලු මතුවන බවද කී අලුත්ගේ මහතා ඇමති රාජිත සේනාරත්න විසින් මේ වන විට දියත් කර ඇත්තේ සයිටම් බේරාගැනීම සඳහා වන අවසන් සටන වුවත් ඉන්ද ඔහු ජයග්‍රහණ නොලබන බවද වැඩි දුරටත් පැවසීය.

10 views

6 Comments to “එජාප පාර්ලිමේන්තු අපේක්‍ෂකයෙකු වෛද්‍ය සභාවේ සභාපති ලෙස පත් කෙරේ.. සයිටම් සටනට වෙඩිබෙහෙත් වදී..”

  1. PISSUPOOSA says:

    Next drama after ARJUN-MAHENDRAN next for coutry’s disaster

  2. daham says:

    mun hama paththenma mulu ratama kanawa. kohomata diyunu wemin aa ratakda begal pathurala, minissunwa mula karala balayata aapu me hathikare vanasanne. munta hena gahala ikmanin wanasune nathnam mokuthma ithiri karanne naha.

    • Dushantha says:

      රටම කාලා විනාස කරලා ඉවරයි. තව ඉතුරු වෙලා තියන මොනව හරි විකුනගෙන කාල ඉතුරු ටික කාලෙ ගෙවා ගන්ඩ හදන්නෙ. මුන්ට චන්දෙ දීපු සක්කිලින්ට හෙන ගහන්ඩ ඕනි.

  3. Justicia says:

    Prof CarloFonseka is also a politician. He as/was a member of central committee of LSSP .If my memory is correct his name was appearing in USA national list in 80/90 era . None of them are persons with independent.
    If you are looking at political affiliation of Prof Colvin same can be applied to Prof Carlo.

  4. kamalsiri kuruwita says:

    මේ සංගමයේ ලේකම් මොනවද මේ කියන අන්ද බාල කතා. ලයිස්තුවේ නම තිබුන, බෙහෙත් අවුෂද සමාගමක උපදේෂකයෙක් වුන එක කොහොමද මේ තනතුරට නුසුදුසුකමක් වෙන්නේ. ඊට වඩා එතුමාට ඇති සුදුසුකම් බලපල්ලා. මහාචාර්යවරයෙක්ට අමතරව මෙතුමා බටහිර වෛද්‍ය ක්සේස්ත්‍රයේ මොන තරම් වැදගත් තනතුරු දරපු කෙනෙක්ද. ඒ සෑම තනතුරකම මෙතුමා නිසා බැබලුනා . ඒ තුලින් රටට හා වෛද්‍ය ක්සේස්ත්‍රට කරපු සේවය මොන තරම් අගේද. මෙතුමා ලෙඩ්ඩු බිල්ලට දෙමින් , ලෙඩ්ඩු මරණ වැඩවර්ජන නොකළ උතුම් වෛද්‍යවරයෙක් හැටියට ජනතාව ඉතා හොඳින් දනී. දීල මෝඩ දේශපාලන නියාය පත්තර ඔළුවලින් අයින් කරලා ඇත්ත කතා කරපල්ලා .

    • wedhamahthaa says:

      මෙතුමා සදුදා ලංකාදිප පත්‍රයේ ව්යිද්‍ය උපදෙස් වලට දවසක් කියලා තිබුනා ” සමහන්” හෙම්බිරිස්සාවට බොන්න කියලා. දේශිය වෙදකමට පහර ගහලා වෙද මහ්ත්වරුන් රටේ වෙද්දු කියලා බනින මිනිහා සමහන් හොදයි කිව්වෙ මොකද කියලා දැනුයි තේරුනෙ.

Main News