එජාප පාර්ලිමේන්තු මන්ත‍්‍රී සිරිකොත ඉදිරිපිට උද්ඝෝෂණයක් අරඹයි…

February 19, 2019 at 1:20 pm | lanka C news
එජාප පාර්ලිමේන්තු මන්ත‍්‍රී සිරිකොත ඉදිරිපිට උද්ඝෝෂණයක් අරඹයි…

එක්සත් ජාතික ඵක්‍ෂ මූලස්තානය වන සිරිකොත ඉදිරිපිට තමන් මාරාන්තික උපවාසයක් ආරම්භ කරන බව එම එම පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී ලක්‍ෂමන් විජේමාන්න මහතා පවසයි.

මන්ත‍්‍රිවරයා මෙසේ කියා සිටියේ එජාප පොතුපිටිය ශාඛා සමිතිය අමතමිනි.

තමනට ඇමැතිවරුන් විසින් රැකියා අවස්ථා නොදෙන නිසා පාක්ෂිකයන්ට සලකන්න හැකියාවක් නැතැයිද ඔහු පැවසීය. ලැබුණු රැකියා ප‍්‍රමාණය නිසි ලෙස බෙදුවේ නම් කළුතර රැකියා ගැටළුව අවසන් බවත් ඔහු කීය.

විපපක්‍ෂ පුද්ගලයන්ට මුදලට රැුකියා විකුණා ඇති බවටද චෝදනා කල ඔහු පාක්ෂියකුට රැකියාවක් ගන්නට තමන් ලිපියක් දුන්නද එයද සිදුවන්නේ මුදලට බවත් පැවසීය.

86 views
Main News