එජාප පුත්තලං සභාපති මිනී මැරුම් නඩුව ඇහෙද්දී රට පනින්න යයි..

September 10, 2018 at 12:00 pm | lanka C news
එජාප පුත්තලං සභාපති මිනී මැරුම් නඩුව ඇහෙද්දී රට පනින්න යයි..

එක්සත් ජාතික පක්‍ෂය විසින් බලය හොබවන පුත්තලම ප්‍රාද්ශීය සභාවේ සභාපතිවරයා වන අංජන සඳරුවන් ගුවන් තොටුපලේදී අද පෙරවරු අත්අඩංගුවට ගෙන ඇත.

ආගමන විගමන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් සභාපතිවරයා මේ වන විට පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාර තිබේ.

සභාපතිවරයා මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ රටින් පිටවීම තහනම් කරමින් අධිකරණය විසින් නියෝග කර තිබියදී එය නොතකා රටින් පිටවීමට උත්සාහ දැරීම නිසාය.

මොහුට විරුද්දව මහාධිකරණය හමුවේ නඩුවක් විබාග වන්නේ 2010 ජනවාරි මස 16 වන දින මදුරන්කුලම ප්‍රදේශයේ දී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කලේ යයි චෝදනාවක් සම්බන්ධයෙනි.

29 views
Main News