එජාප පොහොට්ටු මන්ත‍්‍රීවරු ගැටෙති.. 12ක් රෝහලේ..

December 13, 2020 at 4:40 pm | lanka C news
එජාප පොහොට්ටු මන්ත‍්‍රීවරු ගැටෙති.. 12ක් රෝහලේ..

මහියංගන ප්‍රා‍දේශිය සභාව නියෝජනය කරන එජාප මන්ත‍්‍රීවරයෙක් ඇතුළු පිරිසක් හා පොහොට්ටු ආධාරකරුවන් පිරිසක් අතර ගැටුමක් ඇතිව තිබේ.

මෙම ගටුම මහියංගණ පොලිසිය ඉදිරිපිටදී අද දිනයේ සිදුව ඇති අතර ඉන් තුවාල ලත් 12 දෙනෙකු ප්‍රතිකාර සදහා මහියංගණ රෝහලට ඇතුළු කර ඇත.

එම ප‍්‍රාදේශීය සභාවේ අයවැය දෙවන වරටද පරාජයට පත් වීමෙන් පසු සිදුවූ ගැටුමක් ගැන පොලිසියට සිදු කරන ලද පැමිණිල්ලක් අද දිනයේ විභාගයට කැදවූ අවස්ථාවේ මෙම ගැටුම සිදුව තිබේ.

13,097 views
Main News