එජාප ප‍්‍රබලයෙක් කැළණි විහාරයේ දායක සභාවෙන් පන්නයි..

August 5, 2019 at 11:20 am | lanka C news
එජාප ප‍්‍රබලයෙක් කැළණි විහාරයේ දායක සභාවෙන් පන්නයි..

එක්සත් ජාතිකප පක්‍ෂ ප‍්‍රබලයෙකු කැලණි රජමහා විහාරස්ථානයේ දායක සභාවෙන් නෙරපා හැරීමට සිදුවන බව එම විහාරස්ථානයේ විහාරාධිපති කොල්ලුපිටියේ සංඝරක්ඛිත හිමියන් අනතුරු අඟවා ඇති බව වාර්තා වෙයි.

මහා සංඝරත්නයට අපහාස වන ආකාරයට එජාප ඇතැම් මැති ඇමතිවරුන් කටයුතු කිරීම නිසා මෙම තීන්දුව ගැනීමට සිදුවන බව දන්වා ඇති බවද දැනගන්නට ඇත.

ඇමති රන්ජන් රාමනායක විසින් තමන් වහන්සේට ප්‍රහාර එල්ල කිරීම කිසිවකුගේ උවමනාව මත සිදුවන බවත් පෙනී යන බවත් උන්වහන්සේ චෝදනා කර ඇත.

ඇතිව තිබෙන තත්වය සම්බන්ධයෙන් කැළණි විහාරස්ථ දායක සභාව දැඩි කෝපයට පත්ව සිටින බවත් දායක සභාවෙන් ඉවත් කිරීමට තීරණය ගැනීම රැුැන තමන් වහන්සේට කිසිත් කළ නොහැකි බවත් නාහිමියන් තව දුරටත් පවසා තිබේ.

51 views

11 Comments to “එජාප ප‍්‍රබලයෙක් කැළණි විහාරයේ දායක සභාවෙන් පන්නයි..”

  1. Disce ammata discede says:

    සුද්දට සිංහලේ අල්ලගන්න ඔත්තු සැපයූ කල්ලතෝනි තම් බි මුදියන්සේගෙ මී මුණුපුරාව තමයි එලවන්නේ.

    • john the baptice says:

      දරුවෙක් ඉන්නව කිව්වෙ මෙයාටද?

    • Love nature says:

      අනේ දායක සභාව කෝප වෙලාද? පව් එයාලා. බෞද්ධයෝ කෝප වෙන්නෙ නෑනෙ. 😀 😀

    • suwapath weeewaaaaaaa says:

      විහාරස්ථ දායක සභාව දැඩි කෝපයට පත්ව.
      suwapath weeewaaaaaaa

  2. baila says:

    AI DESHAPALUWO .. DAYAKA SABA WALA INNE.. UN INNA EWUN NEWEI…

    SAKKILII HATHTHAWAL … REDDA ASSE.. DANNE..MOKADA..RATATA WI9NA KARANA EWUN…

  3. n.s fasions kurunegala says:

    RANIL W

    • On looker says:

      Are some politicians in the U.N.P. in the political kindergarten to hurt the religious feelings of the majority people ,whom your so called politicians have been elected in the past and you all would expect again them to elect you in the future?

  4. Asoka says:

    ලංකාවේ දම්මික පෙරේරාට වැඩිය සල්ලි තියෙන චීවරධාරියෙක් තමයි අපේ කොල්ලුපිටියේ හාමුදුරුවෝ. අනෙක හතරවටෙම ඉන්න දරුවන්ටත් ඉතින් සලකන්න එපාය. බුදුන්ගේ නිර්මල දහම විකුණාගෙන කන හතර කේන්දරේ පාලු වෙච්ච චීවරධාරියෝ

  5. Aurora says:

    ගරුතර නායක හිමියනි, ශ්‍රී ලංකාව නම් රටේ මුර දේවතාවන් වන බෞද්ධ භික්ෂුන් වහන්සේලා කිසිම දේශපාලකයකුට නොනැමී කෙලින් සිට තීරණ ගැනීමත් එම තීරණ නොබියව ප්‍රසිධියේ ප්‍රකාශ කිරීමත් ඉතා වැදගත්ය. එය පොදු ජනතාව ඉහලින් අගය කරණ අතර බෞද්ධ භික්ෂුන් වහන්සේලා අප්‍රසිධියේ යම් අනුසසනාවක් කලත් එය පලක් නැති දෙයක් වී ඇත. මහින්ද රාජපක්‍ෂ මැතිතුමා දෙවනවර තේරී පත්වීමෙන් පසු බෞද්ධ භික්ෂුන් වහන්සේලා නිසි මඟ එතුමාට පෙන්වුවානම් රට අද පත්වී ඇති තත්වයට පත්නොවන බව මගේ විශ්වාසයයි. මහාසංඝයා වහන්සේලා ඉතිහාසයේ පටන් තමන්ගේ කාර්ය භාරය දැන්වත් ක්‍රියාත්මක කිරීම ඉතා අගනේය.

    • Ariyathilaka says:

      කැලණි රජ මහ විහාරයේ බුද්ධ සංතක චෛත්‍ය මළුවෙන් කොටසක් ගලවා විභීෂණට දෙවොල විශාල කරමින් සිටින බව ඔය බෞද්ධ කැක්කුම තියෙන කැලණි විහාර දායක සභාවට සහ විහාරාධිපති හිමිවරුන්ට නොපෙනීම මහත් පුදුමයක්! පෘතුග්‍රීසින් කැලණි විහාරය විනාශ කළේ අන්‍යාගමිකයන් බැවිනි. ලොවුතුරු තථාගතයාණන් වහන්සේගේ සධාතුක චේතිය මලුව කොටසක් ගලවා විභීෂණට දෙවොල ලොකු කරදීමට තරම් විහාරාධිපති හිමියන් ඇතුලු විහාරස්ථ දායක සභාව හීන දීන කමට පත්වීම බෞද්ධයන් වශයෙන් මහත් ලැජ්ජාවටත්, සංවේගයටත් කාරණයකි. තථාගත සධාතුක චේතියට වඩා විභීෂණ ලොකු වූ හැටි! අනේ අපොයි බෞද්ධ සිද්ධස්ථානයකට ගිය කලක්!

  6. Ariyathilaka says:

Main News