එජාප ප‍්‍රබල ඇමති ජනපති හමු වී අගමැතිකම ඉල්ලයි.. එජාපයෙන් 17ක් කඩාගෙන යන්න සූදානම්..

October 31, 2016 at 10:08 am | lanka C news
එජාප ප‍්‍රබල ඇමති ජනපති හමු වී අගමැතිකම ඉල්ලයි.. එජාපයෙන් 17ක් කඩාගෙන යන්න සූදානම්..

එක්සත් ජාතික පක්‍ෂයේ ප‍්‍රබල ඇමතිවරයෙක් ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා හමු වී අගමැති ධුරය තමනට ලබා දෙන්නැයි ඉල්ලීමක් කර ඇතැයි වාර්තා පල වෙයි.

තමන් සමග එක්සත් ජාතික පක්‍ෂයේ 17 දෙකෙුගේ පිරිසක්ද සිටින බව පවසා ඇති මෙම ප‍්‍රබල ඇමතිවරයා අගමැතිකම තමනට දෙන තීන්දුව ගන්නේ නම් එම 17 දෙනා සමග ප‍්‍රබල තීන්දුවක් ගැනීමට සූදානම් යයි ජනාධිපතිවරයාට දන්වා ඇතැයිද එම වාර්තාවල දැක්වෙයි.

මෙසේ අගමැතිකම ඉල්ලා ඇත්තේ පසුගිය රාජපක්‍ෂ රජයේද ප‍්‍රබල ඇමති ධුරයක් දරා ගිය මැතිවණයේදී එක්සත් ජාතික පක්‍ෂයෙන් තරග වැද ජයගත් ඇමතිවරයෙකි.

21 views

29 Comments to “එජාප ප‍්‍රබල ඇමති ජනපති හමු වී අගමැතිකම ඉල්ලයි.. එජාපයෙන් 17ක් කඩාගෙන යන්න සූදානම්..”

  1. බබා says:

    ඉන්දික තොටවත්ත මාමගේ අනාවැකිය හරි යාගෙන වගෙයි එන්නේ…

  2. nimal says:

    OKATA DENNAMA EPA

  3. Dhinesh Kaluarachchi says:

    චම්පා, ඔයා දී ඇති උපදෙස් දැක්කාම හිනා ගියත් ඒවා එක අතකට මේවා කියා දෙන්න කෙනෙක් නැති නිසා එහි වටිනාකමකුත් තිබෙනවා.රනිල් ජීවත් වෙන්නෙ බටහිර පාලකයන්ගෙ මතිමතන්තර -පොත් පත් -ඉතිහාසය තම ගමන් මගලෙස අනුවයි. ඔහු පසුගිය කාලයේ ලොක්කෙක් කියාගෙන අනුකරණය කලේ ඩේවිඩ් කැමරන් මැතක දී බ්‍රිතාන්‍ය පුවත් පත් වල පලවුනේ මෙරට හිටපු අසාර්ථකම අගමැති ඔහු බවයි.රනිල් ශ්‍රි ලංකාවේ මෙතෙක් පලවී සිටින අසාර්ථකම නායකයා -අගමැති(ජනතාව අකැමැතී) අගමැති වරයා බව අටුවා ටීකා අවශ්‍ය නැහැ.චන්ද්‍රිකා එතකොට කවුද? අසාර්ථකම ජනාධිපතිතුමිය. ඈ කටයුතු කලේ මෑතකදී මහින්ද රාජපක්ෂ රජය පෙරලීමට ඇමෙරිකාවේ ක්ලින්ටන් පදනම හා සී අයි ඒ හරහා කොටි හිතවතුන් දුන් මුදල් වලිනි බව ලඟදීම සාක්ශි ඇතිව ඔප්පුවෙනු ඇති.ශ්‍රි ලංකාවට එරෙහිව කටයුතු කිරීමට කැමරන් ට කොටි දුන් මුදල් ගැන පසුගියදා හෙලිඋනා..ලොව වෙසෙන දේශපලනඥයනට බොහොමයකට තම මේ බස හැර අනෙක් භාෂාවන් බැහැ.සමහරු දැනගත්තත් කතා කරන්නේ නැහැ ප්‍රසිද්දීයේ.මේ අය තම බසට මුල් තැනක් දෙනවා.අපේ රටේ කලු සුද්දන් ගේ වන්දනාමනය ඉහලින්ම තිබෙන නිසා මදි පුංචි කමක් ලෙස තවමත් ඉංගිරිසිය මිනුම් දන්ඩ ලෙස කඩුව ලෙස යොදාගෙන තිබෙනවා.

    • Champa says:

      Quote: “අපේ රටේ කලු සුද්දන් ගේ වන්දනාමනය ඉහලින්ම තිබෙන නිසා මදි පුංචි කමක් ලෙස තවමත් ඉංගිරිසිය මිනුම් දන්ඩ ලෙස කඩුව ලෙස යොදාගෙන තිබෙනවා….” Unquote:

      ඉංග්‍රීසි දැන ගත්ත කියලා මිනිස්සු කළු සුද්දෝ වෙන්නේ නැහැ. මිනිස්සු කළු සුද්දෝ වෙන්නේ තමන්ගේ චින්තනය අනුව. ඉංග්‍රීසි නොදැන වුනත් කළු සුද්දෝ වෙන්න දඟලන මිනිස්සු මොන තරම් ඉන්නවද කියලා තමන්ගේ වට පිටාව බැලුවහම තේරෙයි.

      ඉංග්‍රීසි දන්න එක්තරා පැලැන්තියක් තමන්ගේ ගරා වැටෙන පැලැන්තිය ආරක්ෂා කර ගන්න ඒක යොදවනවා. ඉංග්‍රීසි දන්න අනිත් මිනිස්සු තමන්ගේ ඉංග්‍රීසි දැනුම පාවිච්චි කරන්නේ ලෝකේ සිද්ධ වෙන දේවල් ගැන දැන ගන්න, අළුත් නිෂ්පාදන, අළුත් තාක්ෂණික ක්‍රම, අළුත් සොයා ගැනීම් ගැන දැන ගන්න, ළිං මැඩියෝ නොවී වෙනස් වෙන, වර්ධනය වෙන, පරිණාමය වෙන ලෝකය එක්ක ඉස්සරහට යන්න හැකි වෙන්න සහ සන්නිවේදන මාධ්‍යයක් හැටියට.

  4. Dickie Bird says:

    Gamaralata saha Ranil ta amuda dekak andawa kumburata yawanna.
    Rata mata bara denna. Namuth side support ekata Gota and Susil Premajayantha awashyayi.

  5. වීරා says:

    ජය වේවා චම්පික !!!

    • එක්නැලිගොඩ says:

      චම්පකට ජයවේවා!

      අපේ මීලඟ අගමැති පටිසෝතගාමී උපාසකයෙක්.
      මාද්යවේදීන් අතුරුදහන් කරන්නැති, තරුනයන් වාහනවල හප්පා පලායන්නැති,
      ගල්අඟුරු ටෙන්ඩරවලින් ගසාකන්නැති, කාන්තාවන්ගේ ශරීරවලට බෝතල් බස්සන් නැති, වැදගත් පුද්ගලයන්ගේ පින්තූරවලට හිටපු ත්‍රස්තයන්ගේ පින්තූර බද්ධ කරන් නැති උත්තමයෙක්!

      චම්පකට ජයවේවා!

    • ඇනිබල් අක්කා says:

      SB ය මොන පෙන්දෙක්ද? ඌට අගමැති වෙන්ඩ මම ඉන්නකම් ඉඩ දෙන්නෑ!

Main News