එජාප මන්ත‍්‍රින් තවත් 05ක් නාමල් සමග සාකච්චා.. මහින්දගේ පණිවුඩයත් එයි..

November 14, 2019 at 12:02 am | lanka C news
එජාප මන්ත‍්‍රින් තවත් 05ක් නාමල් සමග සාකච්චා.. මහින්දගේ පණිවුඩයත් එයි..

එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු තවත් පස් දෙනෙකු සමග විශේෂ සාකච්ඡාවක් පැවැත්වීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයේ අවසන් දින ජනාධිපතිවරණ මැතිවරණ රැළි අතරමගදී කොළඹ බලා පිටත්ව තිබේ.

කොළඹ ප්‍රධාන පෙළේ හෝටලයක දී එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් පස්දෙනකු මන්ත්‍රීවරයා සමග සාකච්ඡා කර ඇති පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඒ සදහා එක්ව ඇත.

ජනාධිපතිවරණයෙන් පසුව පිහිටුවන නව ආණ්ඩුවකට සහයෝගය දීම සඳහා මෙම එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු කැමැත්ත පළ කර ඇති අතර ඔවුන් එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් නොවී සහයෝගය දීමට ද එකඟතාව පළ කර ඇත.

නාමල් රාජපක්ෂ මහතා කොළඹ බලා පැමිණ ඇත්තේ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ හදිසි පණිවුඩයක් එම පිරිස වෙත රැුගෙන යයිද දැනගන්නට ඇත.

එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් 10 දෙනෙකු පෙරේදා දිනයේදීද කොළඹ ජයික් හිල්ටන් හෝටලයේ දී රාජපක්‍ෂ ප‍්‍රබලයෙකු හමුවී නව ආණ්ඩුවට සහයෝගය කිරීමට එකඟතාවය පළකර ඇත.

53,527 Viewers

5 Comments to “එජාප මන්ත‍්‍රින් තවත් 05ක් නාමල් සමග සාකච්චා.. මහින්දගේ පණිවුඩයත් එයි..”

  1. Amda says:

    We don’t need garbage

  2. 🌷 82% 🌷 82% 🌷 82%🌷 says:

    පක්‍ෂයට වඩා දර්ශනය රටටය වටින්නේ
    යක්‍ෂයට වුනත් ‘ලේ” රසයනේද වටින්නේ
    ලක්‍ෂයට පගා ගත්ත මුන් නැත වටින්නේ
    කක්‍ෂයට සිරිළක දිනුම ‘ඉරසඳ’ වටින්නේ

  3. Rata Wenuwen says:

    අලුත් ඉරක් පායන රට, බලපොරොත්තුවෙන් අප’
    පොහොට්ටුව විකසිත වෙන්න ඔන්න මෙන්න,
    පලමුව ඔබ දෙවනුව අප කාගෙත් රට ජය
    වෙනුවෙන් මම
    නදියක් ගලයි සමුදරයට ඉතිරි තිරී,
    රළයක් නැඟ බිඳෙයි යළි වෙරලස වැතිරී,
    කොව්ලෙක් අඹරුක’ග හිඳ දෙයි නද මිහිරී,
    බඹරෙක් රොන් ගනී මල්වල සිරි ඇසිරී.

  4. Dp says:

    රෑ වැටුන වලේ දවල් නොවැටී චන්දයට යා යුතුයි.මහා මැතිවරණයකින් උඩින්ම ජයග්‍රහණය කම පුළුවන් කම තියෙද්දී වට උද නගින්නේ ඇයි

  5. Tommy says:

    බල්ලො එක්ක බුදියගත්තම නැගිටින්නෙ මැක්කොත් එක්ක….

Main News