එජාප මන්ත‍්‍රීවරුන් 05ක් පක්‍ෂයෙන් නෙරපයි.. මහ ලේකම් නෙරපීමේ ලිපිය යවයි..

September 25, 2019 at 10:40 am | lanka C news
එජාප මන්ත‍්‍රීවරුන් 05ක් පක්‍ෂයෙන් නෙරපයි.. මහ ලේකම් නෙරපීමේ ලිපිය යවයි..

පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් වන විජයදාස රාජපක්‍ෂ, දුනේෂ් ගන්කන්ද, එස්. බී. නාවින්න, අශෝක ප‍්‍රියන්ත, ආනන්ද අලූත්ගමගේ යන මහත්වරුන්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසි කිරීමට එක්සත් ජාතික පක්‍ෂය තීරණය කර ඇත.

ඊට අදාළ ලිපි එම මන්ත‍්‍රීවරුන් 05 දෙනා වෙත ලියාපදිංචි තැපෑලෙන් යැවීමට එජාප මහලේකම් අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා ක‍්‍රියා කර ඇත.

මේ බව පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා වෙත ද දැනුම්දීමට නියමිතය.

පක්‍ෂ ව්‍යවස්ථාවට පටහැනිව කටයුතු කිරීම, විනය කඩ කිරීම, විරුද්ධ පක්‍ෂ සම`ග එක්වීම ඇතුළු කරුණු කිහිපයක් පදනම් කරගනිමින් අදාළ මන්ත‍්‍රීවරුන්ව පක්‍ෂයෙන් නෙරපා ඇතැයි එජාප ආරංචිමාර්ග කියා සිටී.

– divaina

40 views

7 Comments to “එජාප මන්ත‍්‍රීවරුන් 05ක් පක්‍ෂයෙන් නෙරපයි.. මහ ලේකම් නෙරපීමේ ලිපිය යවයි..”

  1. HENA says:

    dan mun tika gota ge peththata ei…ochchara thama…passe amathi pattam dei…ochchara thama natake

    • Pal says:

      Eka Newai Bola Natake..

      Thope Eun Rata kawa…

      Gota awith Rata hadanawa..

      Thota lamai innawanam Gotata Chande Dapiya.. Halapaya..

    • Kabilis says:

      Moon gotavtha kala, anek minissunta gota ge varadi kiyala thava pimmak paninava….Ganda eppa oya ena ekekvath pohottuvata.

  2. රටට හිතවත් says:

    මේකේ නොදාපු, ලොකුම චෝදනාව තමයි විරුද්ද ලිංගිකයින් හා එකතුවීම! හෙහ්:

  3. මරදන්කඩවල වජිරබුද්ධි හිමි. says:

    පක්ෂයකින් පාර්ලිමේන්තුවට පත්වන මන්ත්‍රීවරයෙක් පක්ෂයට එරෙහිව කටයුතු කිරීම නිසා පක්ෂයෙන් නෙරපීම හේතුවෙන් ඔහුගේ මන්ත්‍රීධූරය අහිමිවන බවට සඳහන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ශක්තිමත් ප්‍රතිපාදනය වැරදි අර්ථකතන දෙමින් විනාශකළේ හිටපු අග විනිසුරු සරත් නන්ද සිල්වා විසින්.
    එජාපය ගත් මෙම තීරණය එඩිතර පියවරක්. මෙය හැම පක්ෂයකටම ආදර්ශයක්.

  4. වර්ජකයා says:

    මේ පාර “මේ කිසිවෙකුටවත් කැමති නැත” කියලා කොටුවකුත් චන්ද පත්‍රිකාවේ දාන්න කියලා ඉල්ලීමක් තියෙනවා.
    පොහොට්ටුව,යූඇන්පිය හා ජවිපෙ යන සියලු පක්ෂ දැනටමත් එම අදහසට තරයේ විරැද්ද වී ඇත.අප අතරින් කවරෙකු හෝ පත්කරගෙන මේ ප්‍රජාතන්ත්‍රවාදය රැක ගත යුතුයි යන්න ඔවුන්ගේ පොදු මතය වී ඇත.

Main News