එජාප මන්ත‍්‍රීවරුන් 10ක් ජනපති හමුවේ… ජනපතිට සහාය දෙන්න පොරොන්දු වේ..

July 12, 2020 at 9:20 am | lanka C news
එජාප මන්ත‍්‍රීවරුන් 10ක් ජනපති හමුවේ… ජනපතිට සහාය දෙන්න පොරොන්දු වේ..

එක්සත් ජාතික පක්ෂ නියෝජනය කරන ගග ඉහළ කෝරළේ එක්සත් ජාතික පක්‍ෂ මන්ත්‍රීවරුන් අටදෙනකු සහ පස්බාගේ කෝරලයේ ප‍්‍රාදේශීය සභා මන්ත්‍රීන් දෙදෙනකු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවිය.

ජනාධිපතිවරයා ඊයේ දිනයේ නාවලපිටිය ප්‍රදේශයේ දී පැවති මැතිවරණ ප්‍රචාරක වැඩපිළිවෙළකට එක් වූ අවස්ථාවේ දී මෙම හමුව සිදුවිය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගෙන යන වැඩපිළිවෙලට සම්පූර්ණ සහාය දක්වන බව ඔවුහු පැවසූහ.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා විසින් නාවලපිටිය බස් නැවතුම්පළ ඉදිරියේ මෙම ජන හමුව සංවිධානය කර තිබිණි.

138 views
Main News