එජාප මන්ත්‍රී පිස්තෝලය හිසට තබා මුගුරකින් පහර දෙයි.. තුවාලකරු රෝහලේ…
March 13, 2019 at 3:26 am | lanka C news
එක්සත් ජාතික පක්ෂයේ තංගල්ල නගර සභා මන්ත්‍රිවරයෙකු විසින් කරන ලද පහර දීමක් හේතුවෙන් පුද්ගලයෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇත.
මෙසේ රෝහල්ගතව ඇත්තේ එම පක්ෂයේම සාමාජිකයෙක් වන අතර මාර්ගයක් සෑදීමේදී ඇති වූ ආරවුලක් මත පහර දීම සිදුව ඇත.
තුවාලකරු සදහන් කරන්නේ තමන් යතුරු පැදියකින් යමින් සිටියදී මන්ත්‍රීවරයා පිස්තෝලයක් පෙන්වා යතුරු පැදිය නවතා පොල්ලකින් පහර දුන් බවයි.
පොලීසිය සදහන් කරන්නේ සැකකාර මන්ත්‍රීවරයා මේ වන විට ප්‍රදේශයෙන් පලා ගොස් සිටින බවයි.
කොමිස් ගහපුව බෙදා ගන්ඩ බැරුවයි වලිය ගිහින් තියෙන්නෙ.
බ්‍රේස්ලට් ඉල්ලන්න ගියදා මන්දා. බ්‍රේස්ලට් ඉල්ලන්න ගිහිල්ල මමත් තව පොඩ්ඩෙන් කනවා.
නගර සභාවල කොහෙද මන්ත්‍රීවරු ඉන්නේ. මාධ්‍ය සිධීන් වාර්තා කරන විට නිවැරදිව වාර්තා කලයුතුය. නැති තනතුරු මැවීමත් ඇති තනතුරු නැතිකිරීමත් වැරදියි. නගර සභා වල ඉන්නේ නගර සභිකයන්ය. ප්‍රාදේශීය සභා වල ඉන්නේ ප්‍රාදේශීය සභා සභිකයන්ය. පළාත් සභා වල ඉන්නේ පළාත් සභා සභිකයන්ය. පාර්ලිමේන්තුවේ ඉන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුය. නැති තනතුරු මාධ්‍යයේ සඳහන් කලවිට ඇතැම් සභිකයන්ට අං එන බව දැකිය හැකිය.
Animal behavior of human being