එජාප මහ ලේකම් කබීර් හෂීම්ට සිරිකොතේදී ‘හූ’ තබති..

December 7, 2016 at 10:00 am | lanka C news
එජාප මහ ලේකම් කබීර් හෂීම්ට සිරිකොතේදී ‘හූ’ තබති..

එක්සත් ජාතික පක්‍ෂ මූලස්ථානය වන සිරිකොතේදී පැවති උත්සවයකදී එම පක්‍ෂ මහ ලේකම්, රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන ඇමති කබීර් හෂීම්ට හූ කියා ඇතැයි එජාප හිතවාදී අන්තර්ජාල මාධ්‍ය වාර්තා පල කරයි.

ඊයේ දිනයේ සිරිකොතේදී පැවැති එජාප පළාත් සභා හා පළාත් පාලන මන්ත්‍රී හමුවකදී කබීර් හෂීම් මහතාට එසේ විරෝධය එල්ලවී ඇතැයිද සදහන්ය.

අද යූඑන්පී කාරයෝ බලුවී සිටින බවත්, පක්‍ෂ ලොක්කන් විසින් පාක්‍ෂිකයින් හිඟන්නන් කර ඇති බවත්, අද ආණ්ඩුව කරවන්නේ විදේශිකයින්ගේ උපදෙස් මත බවත්, අඩුම තරමේ දුරකථන ඇමතුමකට හෝ පිළිතුරු නොදෙන බවද කියමින් ඔවුන් මෙසේ විරෝධය දක්වා ඇතැයිද එම වාර්ත වැඩි දුරටත් සදහන් කරයි.

15 views
Main News