එජාප මැති ඇමතිලා කොකේන් ගහනවාමයි.. ප‍්‍රකාශය අස්කරන්නේ නෑ..- රන්ජන් යලි කියයි..

March 2, 2019 at 3:50 pm | lanka C news
එජාප මැති ඇමතිලා කොකේන් ගහනවාමයි.. ප‍්‍රකාශය අස්කරන්නේ නෑ..- රන්ජන් යලි කියයි..

එක්සත් ජාතික පක්‍ෂයේ මැති ඇමතිවරුන් කිසිවෙකු කොකේන් ගහන්නේ නැතැයි තමන් කිසිසේත්ම නොපැවසූ බව රාජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතා සදහන් කරයි.

එජාප මැති ඇමති පිරිසක්ද කොකේන් මත්ද‍්‍රව්‍ය භාවිත කරන බවට තමන් විසින් කරන ලද මුල් ප‍්‍රකාශය ඒ ආකාරයෙන්ම වලංගු බවත් කිසිසේතම එය ඉල්ලා අස්කර නොගන්නා බවත් රාමනායක මහතා කියා සිටී.

කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.

නමුත් එජාප මහ ලේකම් ඇමති අකිල විරාජ් කාර්යවසම් මහතා සදහන් කරන ලද්දේ කොකේන් ලයිස්තුවේ එජාප මැති ඇමති කිසිවෙක් නැති බව රන්ජන් රාමනායක මහතා එජාප කෘත්‍යාධිකාරි මණ්ඩලයට පැවසු බවයි.

275 views