එජාප මැති ඇමති පිරිසක් මෛත‍්‍රී හා එක්වෙන්න සූදානම්.. කොළඹදී සාකච්චා..

April 6, 2019 at 4:40 pm | lanka C news
එජාප මැති ඇමති පිරිසක් මෛත‍්‍රී හා එක්වෙන්න සූදානම්.. කොළඹදී සාකච්චා..

එක්සත් ජාතික පක්ෂයේ මැති ඇමතිවරුන් පිරිසක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග එක්වී ඔහුට සහාය පළ කිරීම සඳහා සූදානමක් ඇතැයි ඉහළ පෙළේ දේශපාලන ආරංචි මාර්ග වාර්තා කරයි.

මේ සඳහා වන සාකච්ඡාවක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රබලයකුගේ ප්‍රධානත්වයෙන් කොළඹදී පැවති බවද වාර්තා වේ.

ජනාධිපතිවරයාද මෑතකදී අවස්ථා කිහිපයකදී එජාපයේ ප‍්‍රබලයක් කිහිප දෙනෙකුගේ කටයුතු ප‍්‍රසිද්ධියේ ඇගයීමට ලක් කිරීම ද සිදු කරන ලදී.

78 views

8 Comments to “එජාප මැති ඇමති පිරිසක් මෛත‍්‍රී හා එක්වෙන්න සූදානම්.. කොළඹදී සාකච්චා..”

  1. Kadiya says:

    ජනාධිපති පොහොට්ටුව සමඟ එකතුවීම වැළැක්වීමට රනිල්ගේ සැලසුමක් මේක. SLFP ඉතිරිවෙලා තියන 5% ජනාධිපති සමඟ තබාගනිමින් 2019 ජනාධිපතිවරණයේදී UNP යට ඒ චන්ද ටික ලබාගැනීම අරමුණයි.

    • "එයාර්-ලංකා" says:

      කොටියට අපෙ අහස විකුණන්න යන ලංකා
      කොටියට ස්වර්ණවාහිනියත් විකුනුව ලංකා
      කොටියට පොළොව නොදි යුද්ධ දිනු ලංකා
      කොටියට නැවෙනා පිල්මාරු පක්‍ෂ ශ්‍රී ලංකා

    • සිංහල බන්ඩා says:

      සිරිසේනගෙ ශ්‍රිලනිප චන්ද එකතුවෙ දෙමළ/මුස්ලිම් සහ යූඑන්පී චන්ද 25%ක් වත් ඇතැය් අනුමාන කල හැකිය්. ඔවුන්ගෙන් අති බහුතරය ගෝටා අකමැති නිසා පරදින සිරිසේනට නොව රනිල්ට කතිරය ගසාවි යය් සිතිය හැකිය්.

  2. හිටන්ගෙදර අප්පුහාමි says:

    රනිල් ගේමට බැහැල. ඕක තනිකර කුමන්ත්‍රණයක්. ඔය එනවා කියන අය අන්තිම මොහොතේ මෛයිත්‍රීට කොකා පෙන්නනවා. මුන් සේරම බයේ ඉන්නේ ගෝටා එනවට.

  3. chandapala says:

    සිරිසේන සමග එකතුවෙන්න තාරම් මේ යුඑන්පී කාරයන් මෝඩයෝද අම්මප ????? ශ්‍රීලනිප කියන්නේ 98%ක් ගිලුන නැවක් ටමන්ගේ පක්ෂය නැත්තටම නැතිකළ සිරිසේන එක්ක මොන දේශපාලනයක්ද ???

  4. ratawesiya says:

    deyyange nameta eoooo kawadawath maitree dinanne netha laksa 20 wath netha sampoornayen asarthakayi O.L karayekuta behe .. wayasa 65 adu pasu upadi ethi, buddimath, thenpath medahath hingannek nowena kenek thora gamu jayawewa

Main News