එජාප රජයක් යටතේ ජනතාව අත මුදල් ගැවසෙනවා.. ව්‍යාපාරිකයින්ට ව්‍යාපාර පහසු වෙනවා..
January 27, 2017 at 7:06 am | lanka C news
ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යාංශය හා ලෝක බැංකුව එක්ව හඳුන්වාදෙන ව්‍යාපෘතිය තුළින් දේශීය ව්‍යවසායකයින් නඟා සිටුවීමට කටයුතු කරන බව ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ මහතා පවසයි. කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපෘති 1470ක් ආරම්භ කොට ඒ තුළින් රැකියා විශාල ප්‍රමාණයක් බිහි කිරීමට සැළසුම් කර ඇති බව අමාත්‍යවරයා කීය.
අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ පිළිමතලාව ග්‍රාමීය සංවර්ධන පුහුණු හා පර්යේෂණ ආයතනයේ කෘෂිකාර්මික නවීකරණය කිරීමේ ලෝක බැංකු ව්‍යාපෘතියේ 03වන වැඩසටහන ආරම්භ කරමිනි. තමා ව්‍යාපාරිකයෙක් වශයෙන් දියුණු වූ ආකාරය විස්තර කරමින් එය ආදර්ශයට ගන්නා ලෙස ව්‍යවසායකයින්ගෙන් ඉල්ලා සිටියේය. එක්සත් ජාතික පක්ෂ රජයක් යටතේ ජනතාව අත මුදල් ගැවසෙන බවත්, ව්‍යාපාරිකයින්ට ව්‍යාපාර කර ගැනීමට පහසු වන බවත් සඳහන් කළ අමාත්‍යවරයා ඒ නිසා තමන් එක්සත් ජාතික පක්ෂයට ආදරය කරන බව පැවසීය. රනිල් වික්‍රමසිංහ මහතා ඇතුලු දේශපාලන නායකයින් රැසක් දේශපාලනයට පිවිසීමට ආරාධනා කළත් තමන් තෝරා ගත්තේ එක්සත් ජාතික පක්ෂය බව පැවසීය.
මිලියන 125ක් පාඩුවට තිබූ සෙවනගල සීනී කම්හල මිලියන 450ක ලාභයක් ලබන තත්ත්වයට ගෙන ආ හැටි අමාත්‍යවරයා පැවසීය. වැට් ඇතුලු බදු වලින් උපයාගන්නා ආදායම මහින්ද රාජපක්ෂ රජය ගත් ණය වල පොළිය 97% ගෙවීමට පමණක් ප්‍රමාණවත් බවත් ඉතිරි 3% ණය වාරික, ජනතාවට සහන ලබා දීමට තවත් ණය ගත යුතු බව පෙන්වා දීය.
කෙසේවෙතත් මේ වසර තුළ රටට දැනෙන වැඩ කොටසක් කිරීමට සියලු කටයුතු සැළසුම් කර ඇති බව අමාත්‍යවරයා තවදුරටත් සඳහන් කළේය. ජී.එස්.පී.පල්ස් ලබා ගන්න කිසිම රටට අහිතකර කොන්දේසියකට යටත් නොවී ඇති බව සඳහන් කළ අමාත්‍යවරයා මේ වන විට මත්ස්‍ය තහනම ඉවත් වී ඇති අන්දමට ජී.එස්.පී.පල්ස් බදු සහනය ලබා ගන්නට ගරු අග්‍රාමාත්‍යවරයා කටයුතු කර ඇති බව සඳහන් කළේය. තවදුරටත් අදහස් දක්වමින් සංචාරක කර්මාන්තය තුළින් වසර 2020 වන විට සංචාරකයින් ලක්ෂ 50ක් ශ්‍රී ලංකාවට ගෙන ඒමට සැළසුම් කර ඇති බව ප්‍රකාශ කළේය.
මෙම හඳුන්වා දෙන ලෝක බැංකු ව්‍යාපෘතිය තුළින් ලක්ෂ 10ක් ආයෝජනය කළ හැකි නම් ලක්ෂ 100ක ව්‍යාපෘතියක් ආරම්භ කළ හැකි බවත් ඒ සඳහා ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යාංශය සියලු සහය ලබා දෙන බව සඳහන් කළ අමාත්‍යවරයා සියලු දෙනා එක්ව වැඩකොට මේ රට දියුණු කරන්න සහයෝගය දෙන ලෙස ඉල්ලා සිටියේය.
– ජෝර්ජ් ද සිල්වා
චන්දයක් තියල බලපන් මිනිස්සුන්ට වැඩ කරල තියෙන හැටි තේරෙයි
ඒ සඳහා මුලින්ම තෝරා ගත්තෙ මහේන්ද්‍රන් පවුල හා ව්‍යාපාරය. දැන් ඒ ගොල්ලන්ට නං කියන්න තරම් අඩුපාඩුවක් නෑ.
ඊලඟට තව පවුලක්. ආදී වශයෙනුයි මේක කරන්නෙ. හැබැයි ඉතින් මේකට කාලයක් ගත වෙනව.
ඉවසලා හිටහල්ලා ළමයිනේ.
මහත්තයෝ තමුන්ට ජනතාව අතර තිබෙන තැන මේ රෙජිමයට කඩේ ගිහින් නැතිකරගන්න එපා .රනිල් ඔබතුමාගේ සමීපතමයෙක් වෙන්න පුළුවන් නමුත් දැන් ඔහු ප්‍රමුක පාසල් නඩය හත්පොලේ ගාගෙන ජනතාව අතර කුජිත වෙලා ඉන්නේ මේවගේ කතා කිව්වම තමුන්වත් ඔවුන්ගේ ගොඩට වැටෙනවා එනිසා අර ඒකාලේ ප්‍රේමදාස කළා වගේ මේ කුජිත වැඩවලට සම්බන්ද නොවී තමුන්ට ජනතාවගේ තිබෙන ගවුරවය රැකගෙන දේශපාලනය කරන්න .නැතිනම් වෙන්නේ ඔබටත් ඉක්මනින්ම අනික් ද්‍රෝහියෝ එක්ක දේශපාලනයෙන් විශ්‍රාම ගන්න තමයි
ඔව් ඔව්…ව්‍යාපාර පහසු වෙලා තියෙන්නෙ මුන්නැහේට වෙන්න ඇති. අනික් උන්ගෙන් අහල බලපන් දෙමව්පියො බැනුම් අහන්න ලෑස්ති නම්…
බුදු අම්මෝ මහත්තයෝ දැන් වත් ඕක නවත් වන්න.
ඔබ තුමාල ආවට පස්සෙ දෙන පහසුවෙන් දැන් අපේ ව්‍යාපාර සරු වෙලා ආදායම පිරිල ඉතිරිලා හරිම කරදරයක් වෙලා තියෙන්නෙ. ගිහිල්ල බැංකුවෙ දාන්න විදියකුත් නෑ බැංකුත් පිරිල ලු. කරන්නම දෙයක් නැති තැන ඊයෙත් මම මිලියන් 2 ක් විතර කුණු ගොඩට වීසි කලා. තාම හිඟන්නෙක් වත් නෑ අහුලගෙන යන්නවත්. උන් අහනව අපෙන් සල්ලි ඕනද කියල පිනට.
ඕක මොනාද අපේ පැත්තේ පාරේ යන්න බැහැ පැය 24 ම දැන් දන්සැල්.චිකන් බුරියානිද පීසද එකී නොකී හැමදේම දෙනවා. බීම දන්සැල්.ෂෝර්ට් ඊට්ස් දන්සැල්.ඉවරයක් නෑ.සල්ලි වලින් මිනිස්සුන්ට කරන්න දෙයක් නෑ.අපේ ගමේ ඇමතිතුමා 5000 හේ කොළ දන්සලක් දැම්ම.බල්ලෙක්වත් ගියේ නෑ. අපිට මොකටද සල්ලි ගමගේ අයියා…..මට දුක ඔච්චර කරලත් මුන්ගේ කෙලෙහිගුණ නැතිකම අර සමුපකාර චන්දෙන් අර මහින්දගේද කාගේද පක්ෂය දිනවලානේ ඒවා කැත වැඩ නේද ගමගේ අයියා.මට මක්කටයි සල්ලි, ගමගේ අයියනේ මහන්සිඋනේ.ආආආඅ… කියන්න බැරිඋනා.අර සමලිංගික, විරුද්ධ ලිංගික, දන්සැල් පාර පුරා අයියා. මරුනේ…………….. ගමගේ අයියා.රට දියුණුයි අයියලාට පින්සිද්ද වෙන්න.අයියල ඔහොමම කරගෙන යන්න……………………………….(කවුද බෝයි එනකන්…….)
සෙවනගල සීනි කම්මල ලාබ ලබන අායතනයක් කලේ අැග්රිමන්ට් එකේ හැටියට සීනි නිපදවල නෙවෙය් මධ්‍යසාර නිලදවලා. ඒකය් අැත්ත. රනිල ව්‍යසායකයින්ට දියුන් වෙන්න දුන්න අාදරශය තමයි මහ බැංකු බොන්ඩ් මගඩිය. සංචාරකයින් එන්නෙ මහින්ද මහත්තය යුද්දෙ නිම කල නිසය්. ඒකය් අැත්ත.
Janathawa kiyala adahas kale emathiwaru saha owunge jaawaramkarain neda?
මගේ අතේ තියෙන මුදල් අතේ තියා ගන්න බෑ ඕයි.. ඇගිලි අස්සෙන් බිම වැටෙනවා… පාරේ යන උං එව්වා අහුල ගන්නවා…
tho udenma ganja iruwa neda