එජාප රණ්ඩුව ගුටිබැට හුවමාරුවක අතේ දුරින්.. සජිත් පිලට විරෝධය පාමින් එජාප මහ ලේකම්ගෙන් නිවේදනයක්…

November 20, 2019 at 3:00 pm | lanka C news
එජාප රණ්ඩුව ගුටිබැට හුවමාරුවක අතේ දුරින්.. සජිත් පිලට විරෝධය පාමින් එජාප මහ ලේකම්ගෙන් නිවේදනයක්…

සජිත් ප්‍රේමදාස මහතාට හිතවාදී පාර්ශ්වයෙන් එල්ලවන චෝදනාවන් සම්බන්ධයෙන් ප‍්‍රතිචාර දක්වමින් එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා නිවේදනයක් නිකුත් කරයි.

ජනාධිපතිවරණ මැතිවරණ ප්‍රචාරක ව්‍යාපෘතිය සම්බන්ධයෙන් එජාප මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා කළ ප්‍රකාශය සම්බන්ධ නොසතුට පළ කරමින් අදාල සම්පූර්ණ නිවේදනය නිකුත් කර ඇත.

අදාල සම්පූර්ණ නිවේදනය මෙසේය.

සජිත් ප්‍රේමදාස මහතාගේ මැතිවරණ ව්‍යාපාරය පිළිබඳව නලින් බණ්ඩාර මන්ත්‍රීවරයා පළ කළ අදහස් සම්බන්ධව අපගේ බලවත් අවධානය යොමු වී ඇත.

ප්‍රේමදාස මහතාගේ මැතිවරණ ව්‍යාපාරයේ ප්‍රධාන කාර්යයන් එහි මෙහෙයුම් ප්‍රධානීන් විසින් බාර දී තිබුණේ වොක්ෂෝල් වීදියේ මෙහෙයුම් කාර්යාලයටය. එහි මෙහෙයුම් ප්‍රධානී ලෙස හඳුන්වා දී තිබුණේ තිස්ස අත්තනායක මහතාය.

එකී මෙහෙයුම් කාර්යාලය විසින් සිරිකොත මූලස්ථානය වෙත පවරන ලද සියළු කාර්යයන් ඉතා සාර්ථක අන්දමින් ඉටු කර දී ඇත. ඊට අමතරව එම මෙහෙයුම් කාර්යාලය විසින් පක්‍ෂයෙන් ඉල්ලා සිටි සියළු සහයෝගය ද, සිරිකොත කාර්යාලය මගින් සිදුකළ අනෙකුත් සියළු කාර්යයන් ද අපි උපරිම ලෙසින් ලබා දුන්නෙමු.

මැතිවරණ ව්‍යාපාරය සඳහා අරමුදල් එකතු කිරීමේ වගකීම බාර ගෙන තිබුණේ ද වොක්ෂෝල් වීදිය මෙහෙයුම් කාර්යාලය විසිනි. ඒ නිසා අරමුදල්වල අනිසි භාවිතයක් වී නම් ඒ පිළිබඳ විමසා බැලිය යුත්තේ එම කාර්යාලය වෙතිනි.

මැතිවරණ ව්‍යාපාරය පිළිබඳ සමාලෝචන රැස්වීම් වාර ගණනාවක් නායකත්ව මට්ටමේ සිට පහළ මට්ටමේ නිලධාරීන් අතර නිතිපතා පැවැත්වුණු අතර, ඒ කිසිදු රැස්වීමක දී මෙවැනි චෝදනාවන් කිසිවෙකු විසින් එල්ල නොකළ බව ද මෙහිලා අවධාරණය කරමි.

අකිල විරාජ් කාරියවසම්
මහ ලේකම්
එක්සත් ජාතික පක්‍ෂය

455 views

19 Comments to “එජාප රණ්ඩුව ගුටිබැට හුවමාරුවක අතේ දුරින්.. සජිත් පිලට විරෝධය පාමින් එජාප මහ ලේකම්ගෙන් නිවේදනයක්…”

  1. Dubba says:

    දැන් ඉතින් දෙකට නැමිලා හිටපන් බන්. සජිත් උනත් මොකෝ . මුහුදේ නැව් යනකොට පාරවල් හැදෙන්නේ නැහැනේ !

  2. බන්ඩා says:

    අද තියෙන්නෙ පර ගැති සමනල එජාප යක්. ම
    වසර පහක් රට කෑ පර ගැත්තන් හෝ සමනලුක් අවශ්‍ය නැහැ. දැන් හැඳි ගෑවිලා පලයව්.

  3. කුම්බල මසල කෑවා නම් ර්සකරලා විදපන් බලලුනේ කල පව් විදවාලා says:

    කුම්බල මසල කෑවා නම් ර්සකරලා විදපන් බලලුනේ කල පව් විදවාලා
    බල්ලොත් එක්ක නිදි වැදුනනම උඩු බුරලා- මැක්කොත් එක්ක ඔහේ කහපන් පුක ඉරිලා….

  4. matha says:

    mun dinnath ocharayi. depatha bedila ka kota gannawa. rata winasa wenawa. sirima bo samiduge pihiten rata beruna.

  5. MJ says:

    Meeka UNP game ekak. Boruwat group 2 kin ilalaa kattiya ek wenna yannee. Sajith UNP sinhala chanda kedeemata da Ranil tamil Muslim haa paaramparika unp chanda kadeemata niyamithai.

  6. David Milli-banda says:

    I will bring the whistle and bee the Referee.
    OK give the date.
    Declare, Sarong or kalisam anda genada ?

  7. kawinda says:

    Nalin Bandaara kiyana praajayata hethuwa abyanthara prashnayak neda..? namuth chande dunna mahajayaya beluwe hansaya vedikaawe kathaa karapu kathikayin kiuwa dewal desai. Gonjala ekama sinduwakda mokakdo kiyala rilaa netum netuwa. Sarath wahale mulu hathare kathaa panuwek wenawa kiyana katha nitharama kiuwa. ea wagema Sajithge sri mukhayenma kiuwa kathaa okkoma janaya hnessauwa neda..? Nalin ethulu hedena me genath kathaa karanna ona.

Main News