එජාප රාජ්‍ය ඇමති ශ්‍රිලනිප කැබිනට් ඇමති ඩබලකටම ඔළුවට අත හෝදයි..
October 12, 2016 at 4:40 pm | lanka C news
බටංගලදී පැවැත්වීමට නියමිත විවෘත කිරීමේ උත්සවයකට එක්සත් ජාතින පක්ෂයේ කිසිම නියෝජිතයෙකුට ආරාධනා නොකිරීමත්, උත්සව සභාව ඇමතීමට එජාප නියෝජිතයෙකුට ඉඩ නොදී ශ්‍රිලනිප ඇමතිවරැන් දෙදෙනෙකුට ඉඩ ලබා දීම ගැනත් නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු රාජ්‍ය ඇමති පාලිත රංගෙ බණ්ඩාර මහතා සිය විරෝධය පල කරයි.
ඒ සම්බන්ධයෙන් ඔහු විසින් අමාත්‍යංශ ලේකම්වරයා වෙත යොමු කරන ලද ලිපිය මෙහි දැක්වෙයි.
අර නැගෙනහිර පිස්සු ආණ්ඩුකාරයා ලව්වා ප්රෝටෝකොල් උගන්නමු නේද? ඌ ඒවා හොඳට දන්නවා.
පසුගිය මැයි දිනය වෙනුවෙන් ශ්‍රීලංකා නිදහස් පක්ෂ රැලි දෙකක් පවත්වනු ලැබු අතර කිරුලපන රැලිය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පැවත්වූ අතර රජයේ පාර්ශවයේ රැලිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් ගාල්ල සමනල පාලම අසළ පැවත්වුනි,
ගාල්ල පැවති මැයි දින රැලියට සහභාගි කරවීම සඳහා ශ්‍රීලංකා නිදහස් පාක්ෂිකයින් ලෙස පෙන්වමින් ජර්මන් තාක්ෂණ විද්‍යාලය සිසුන් සහභාගි කරවා ඇති අතර මේ සඳහා එම විද්‍යාලය අයත් නිපුණතා සoවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍යාංශය විසින් ඒ සඳහා ප්‍රවාහන හා සියලු වියදම් දරා ඇත,
මේ සම්බන්ධයෙන් මේ වනවිට අමාත්‍යාංශ මට්ටමේ පරික්ෂණයක් පවත්වන ලෙස නිපුණතා සoවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍යාංශයේ රාජ්‍ය අමාත්‍ය රoගේ බණ්ඩාර විසින් උපදෙස් අමාත්‍යාංශයේ නිලධාරින් වෙත ලබාදී ඇතත් මේ වන තෙක් එම වාර්තාව තමන් වෙත ලබාදීමට අවශ්‍ය කටයුතු අදාළ නිලධාරින් විසින් පියවර ගෙන නොමැති බවත් මෙය යට ගැසිම සම්බන්ධයෙන් එහි පිටුපස ඉන්නා පුද්ගලයින් ගැන ඉදිරියේදි හෙලිකරන බවත් ඔහු සඳහන් කොට ඇති බව වාර්තා වේ,
මේ ගොඩනැගිලි සංකීර්ණය මහින්ද රාජපක්ෂ රජය පරදින මොහොත වෙනකොට 95% වැඩ නිම කරලයි තිබුනෙ. දැන් විවෘත කරන්න නිල් අලියි කොල අලියි කුලල්කාගන්න හැටි නොදෝමකිං.