එජාප රැලියේදී ගුටි ඇන්නේ සන්දීප් හප්පා දැමීම ගැන චම්පිකගෙන් ප‍්‍රශ්ණ කරන්න ගිය යාළුවාට.. අද පවුලම බයභීත වෙලා..

October 27, 2019 at 12:00 pm | lanka C news
එජාප රැලියේදී ගුටි ඇන්නේ සන්දීප් හප්පා දැමීම ගැන චම්පිකගෙන් ප‍්‍රශ්ණ කරන්න ගිය යාළුවාට.. අද පවුලම බයභීත වෙලා..

පිවිතරු හෙල උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා එම පක්‍ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදී මෙම අදහස් පල කලේය.

පසුගිය 22දා මාලබේ එජාප රැස්වීමේ දී පා ච රණවක ඇමතිතුමන් කතාව පටන්ගත්තම ස්වාධීන මාධ්‍යවේදියෙකු ඇමතිතුමාගෙන් ප්‍රශ්නයක් අහන්න උත්සාහ කළා .ප්‍රශ්ණය ඇහුවත් එක්කම පා ච රණවක ඇමතිතුමාගේ මැරයෝ මේ තරුණයාට ඉතාම අමානුෂික අන්දමින් පහර දුන්නා.

අද වන විට ඒ පවුලම බියෙන් සලිත වෙලා. නිවසින් එළියට එන්න බිය වී ඉන්නවා. රෝහලකට ඇතුලත් වෙන්නත් බයයි. තමන්ගේ නිවසට පොලිස් ආරක්ෂාව ඉල්ලා තියෙනවා. අනාගතයේ බිහිකරනවා කියන ප්‍රේමදාස යුගයේ මාධ්‍යවේදියාගේ ඉරණම පිළිබද පෙරමග සලකුණුද මේ පෙන්වන්නේ.

සජිත් මැතිතුමා මාගේ සදාදරණීය පියාගේ අඩි පාරේ යනවා කියලා කියනවා. පියාගේ අඩි පාරේ යනවා කියන එකේ තේරුම නම් පියා කළ සෑම දෙයක්ම ඒ අයුරින්ම කරනවා කියන එකයි. ඒ කියන්නේ ඔබ බිහි කරන්නට යන්නේ රිචඩ් ද සොයිසා වැනි මාධ්‍යවේදීන් අතුරුදහන් වන යුගයක් ද ? යූනුස් වැනි මාධ්‍යවේදීන් කපා කොටා දමන යුගයක් ද ?

පාච රණවක ඇමතිතුමා අනතුරකට ලක් කරලා පැනලා ගිය එම අනතුරින් ආබාධිත වෙච්ච සන්දීප් කියන තරුණයා සම්බන්ධයෙන් තමයි එම තරුණ මාධ්‍යවේදියා ප්‍රශ්න කරන්නට ගිහින් තිබෙන්නේ. ඔහු සන්දීප්ගේ මිතුරෙක් බවයි අපට වාර්තා වී තිබෙන්නේ.

තමන් අතින් වෙච්ච වැරැද්දක් පිළිබදව මාධ්‍යවේදිය ප්‍රශ්ණ කරන්නට යෑමේදී ඔහුට තඩි බෑම නම් එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්තිය සජිත් ප්‍රේමදාස යුගයක් යනු තව තවත් රිචඩ් ද සොයිසා යූනුස්ලා බිහිවන යුගයක් විදියටයි අප නම් දකින්නේ.

– අරවින්ද අතුකෝරල

35 views

17 Comments to “එජාප රැලියේදී ගුටි ඇන්නේ සන්දීප් හප්පා දැමීම ගැන චම්පිකගෙන් ප‍්‍රශ්ණ කරන්න ගිය යාළුවාට.. අද පවුලම බයභීත වෙලා..”

  1. ranjithf says:

    මුන්ට කතරගම ප්‍රේමවතී මනම්පේරි කින රූමතිය පියානොගෙ කාලෙ අමු අමුවෙ මරල දාපුව එහෙම දන්නැතුව ඇති. බලාපල්ලා ගූගල් කරල. ඒ අතරෙම බලාපල්ලා අර ඒ කාලෙ බටලන්දෙ වැඩ කරපු පොලිස් නිලධාරියා කියන දේත් හොයාගෙන.

    • එක්නැලිගොඩ says:

      සජියා ගුටි පූජාවක් තියලයි තරුණයන්ට සලකන්න.

    • john the baptice says:

      ranjithf ගොන් බූරුවො මන්ම්පෙරි මැරුවෙ 71 උබෙ බන්ඩාරනායක හාමුගෙ කාලෙ. මහින්ද හිටපු ආණ්ඩුවෙ

    • Janaka says:

      @Ranji, කතරගම ප්‍රේමවතී මනම්පේරිව මැරුවෙ 71දී බණ්ඩාරයක මැතිනියගේ පාලන කාලයේදි…

    • Ariyathilaka says:

      කතරගම පේමවතී මනම්පේරි ඝාතනය වන්නේ 1971 කැරැල්ල වූ සිරිමාවෝ බණ්ඩාරනායක අගමැතිණියගේ කාලයේදී ය.

  2. sugath says:

    ඇමතිතුමාගෙන් ප්‍රශ්ණ අහන්න තිබුනේ මාධ්‍ය සාකච්ඡාවකදී.මාධ්‍ය සාකච්ඡාවලදි බුම්මැට්ටෝ වගේ කියන දේ අහගෙන එන මාධ්‍ය වේදීයෝ දේශපාලන රැස්වීමකදී කතාවක් පවත්වනකොට වීරයෝ වගේ ප්‍රශ්න අහනවනම්, ඒ වගේ ගොන් මාධ්‍යවේදීන්ට වෙන්නේ ඔහොම තමයි.ඔයින් ගියා ඇති………මෙතැන හිත මතා අර්බුදයක් ඇති කළ බවකුත් පේන්න තියෙනවා. ස්වාධීනව හිතන්න පුරුදු වෙමු.

    • රට වෙනුවෙන් says:

      අහපු විදිය වැරදියි. හැබැයි ගහපු විදිය ඊටත් එහා වැරදියි. ඔහු කරදරයක් නම් ඉවත්කරන විදිහක් තියෙනවා. මුං දිනන්න කලින් මෙහෙමනම් ඊට පස්සේ කොහොම රගයිද

      • සමනල සහජීවනය says:

        මොනවත් නෑ. කෙලින්ම කරන්ට් අල්ල්ලනව, එචරයි.

  3. Politics says:

    Dear Friends,

    Please be aware of the latest joint propaganda launched by UNP + JVP (UNJVP) ….

    That is to break up Sinhalese majority to different groups.

    UNJVP alliance never highlights the extremism created by TNA and MC , but highly criticize the Sinhalese leaders for various allegations.
    Well , we need to see off all the irregularities , but we should not allow UNJVP to divide Sinhalese and weaken the patriotic leadership of our country.

    We will give Rajapaksha s a last chance to take this country forward.

    Vote for Gota.

  4. මාතර සුනිල් says:

    ඒ පහරදීපු මැරයින් අත්අඩංගුවට ගන්නේ නැද්ද. පචයට එක නීතියක්, අහිංසකයින්ට තවත් නීතියක්ද. අලුත් පොලිස්පතිත් නිතිය නවනවද.

    • john the baptice says:

      පව් නේද? අර ටී බී ට හූ කියපු තරුණයට ගහපු පොහොට්ටු මන්ත්‍රීව අත් අඩංගුවට ගන්නෙ නැද්ද? 😀 😀

      • වෙරි සොරි says:

        අපෙන්ද අහන්නේ ? ගොනෝ ඕක හපන් උඹේ පාණ්ඩු ආණ්ඩුවෙන්

  5. lasantha says:

    කැමරා ෆොන් එකක් තියෙන හැම එකාම දැන් මද්‍යවේදීන් . වාහනේ හප්පලා තියපු පලවෙනි මාද්‍ය හමුව වෙන්න ඇති මේ තරුණය මේ ගිහින් ප්‍රශ්න අහන්න ගියේ. අරමුණ පැහැදිලි පිළිතුර සැර මදියි

  6. Asanka says:

    පොඩ්ඩක් හොයල බලන්න පචය කරන්ත් එකවත් අල්ලයි කොල්ලට.

  7. සරා says:

    සජිත් ‌ෙමෙහෙම ගියොත් 24%ත් ගන්න බැරි ‌ෙවෙයි.ඒවගේම පාර්ලිමෙන්තු මැතිවරනයේදි මන්ත්‍රි ආසන 40ක් ගන්නත් බැරි ‌ෙවෙිවි.ඒ 40නුත් 15ක් විතර මහින්දගේ ඔඩොක්කුවට වැටෙනවා.එතකොට මන්ත්‍රිවරු 20කගේ විපක්ෂ නායකයක ‌ෙකෙනෙක් තමයි බිහි ‌ෙවෙන්නේ.

  8. Open mind says:

    කුමන්ත්රණ හඳුනා ගැනීම පහසු කළාට ස්තුතියි.

Main News