එජාප රෙදි ගලවමින් රනිල් යුගයේ හොරකම් සොයන ජනාධිපති කොමිසමට පලමු පැමිණිල්ල එයි.. එජාප ඇමති 10කගේ හොරකම බිලියන 131යි..
January 18, 2019 at 10:40 am | lanka C news
පසුගිය වසර 3 1/2 තුළ සිදුවූ බරපතළ වංචා ගැන සෙවීමට පත්කරන ලද ජනාධිපති විශේෂ කොමිෂන් සභාවට පළමු පැමිණිල්ල ලෙස වර්තමාන ආණ්ඩුවේ කැබිනට් අමාත්‍යවරුන් 10 දෙනකු සහ බැඳුම්කර වංචාවට සම්බන්ධව පාර්ලිමේන්තුවේ කෝප් කමිටුවේ සාමාජිකයන් 4 දෙනකුට එල්ලවී තිබෙන බරපතළ මූල්‍ය අක්‍රමිකතා ගැන පැමිණිලි ඉතා කඩිනමින් ඉදිරිපත් කරන බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්දානන්ද අලුත්ගමගේ මහතා ප්‍රකාශ කළේය.
රුපියල් මිලියන එක්ලක්ෂ තිස්එක්දහසකට (131,000) අධික අක්‍රමිකතා සම්බන්ධයෙන් ආණ්ඩුවේ කැබිනට් අමාත්‍යවරුන් 10 දෙනකුට අදාළ චෝදනා ඇතුළත් “Top – 10” ග්‍රන්ථය පළමු පැමිණිල්ල ලෙස මෙම විශේෂ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවට විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් 10 දෙනකු සමඟ ගොස් තමා ඉදිරිපත් කරන බවද මහින්දානන්ද අලුත්ගමගේ මහතා කීවේය.
ඊට අමතරව පාර්ලිමේන්තුවේ කෝප් කමිටුවේ සාමාජිකයන් වශයෙන් සිටියදී ශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර වංචාවට සම්බන්ධ චූදිතයන් සමඟ දුරකථන සංවාදවල යෙදෙමින් මුදල් ලබාගත් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රිවරුන් සිවුදෙනකු ගැනද මේ සමඟම ජනාධිපති විශේෂ විමර්ශන කොමිසමට පැමිණිලි කරන බවද අලුත්ගමගේ මන්ත්‍රිවරයා සඳහන් කරයි.
“Top – 10” චෝදනා ගැන මීට වසර 2කට ඉහතදී අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට පැමිණිලි කළද ආණ්ඩුවේ බලපෑම් නිසා එම පරීක්ෂණ සිදුනොවූ බවත් විශේෂ ජනාධිපති විමර්ශන කොමිසම මඟින් මෙම චෝදනා ගැන කඩිනමින් පරීක්ෂණ සිදුවෙතැයි කියා තමා දැඩිව විශ්වාස කරන බවත් අලුත්ගමගේ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
– mawbima
Mahindananda Aluthgamage..The person who talks about corruption…
ඔව්. බොරු චෝදනා දාලා හොරකමකට මාට්ටු කරන්න දඟලලා උඹලට පස්ස බිම ඇන ගන්න සිද්දකල…
උන් දෙගොල්ල මාරුවෙන් මාරුවට ඇවිල්ල හම්බු කරගන්නව. උබල ඩේටා නාස්ති කරගෙන කඩේ යනව.
රාජිත ට විරුද්ධව ඒකාබද්ධ විපක්ෂය විසින් අල්ලස් හෝ දූෂණ චෝදනා කොමිෂන් සභාවට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි දෙකක් ඉදිරිපත් කර තිබේ.
රාජ්‍ය අනුග්‍රහයෙන් සිදු කෙරෙන වාහන කැබලි කර ගෙන්වා නැවත එකලස් කිරීමේ ව්‍යාපාරයකින් රජයට රුපියල් මිලියන 6500 ක පාඩුවක් සිදු කර ඇති බවට චෝදනා කරමින් රවි ට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය අල්ලස් කොමිසමට හා අපරාධ පරීක්ෂණ කොට්ඨාසයට පැමිණිල්ලක් කළේය.
ජනාධිපති තුමනි, ඔය කොමිසමට ලිත්රෝ ගෑස් සමාගමේ අක්‍රමිකතාත් සෙවීමට උපදෙස් දෙන්න!