එජාප ලොක්කන් ගෝටාභය සමග රහසේ ඩීල් දානවා.. අප රකින්නැයි යදිනවා..- එජාප ඇමති හෙලි කරයි.. [Video]

August 7, 2019 at 10:12 pm | lanka C news
එජාප ලොක්කන් ගෝටාභය සමග රහසේ ඩීල් දානවා.. අප රකින්නැයි යදිනවා..- එජාප ඇමති හෙලි කරයි.. [Video]

අහිංසක UNP පාක්ෂිකයන් පාවා දෙන දේශපාලන ඩීල්කරුවන් පරාජය කල යුතු යයි ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා පැවසීය.

මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.

අද එක්සත් ජාතික පක්ෂය ආණ්ඩු කරන්නේ ගමේ අහිංසක UNP පාක්ෂිකයන්ගේ කරමතින් පැමිණ ලබාගත් බලය නිසා බව අමුතුවෙන් සිහිපත් කල යුතු නැහැ. එම අහිංසක පාක්ෂිකයන්ගේ ආත්ම ගරුත්වය ආරක්ෂා කිරීම එක්සත් ජාතික පක්ෂයේ මහජන නියෝජිතයන්ගේ ප්‍රමුඛ වගකීමයි.

එහෙත් අද එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් හෝ ප්‍රබලයන් යැයි කියා ගන්නා ඇතැමුන් අනුගමනය කරමින් සිටින්නේ රෑ ඩැනියෙල් දවල් මිගෙල් ප්‍රතිපත්තියක්. පක්ෂයේ මහා මුරදේවතාවන් ලෙස පෙනී සිටින ඇතැම් පුද්ගලයන් හොර රහසේ රාජපක්ෂලා සමග ඇතිකර ගන්නා දේශපාලන ඩීල් පිළිකුලෙන් හෙලා දැකිය යුතු වෙනවා.

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ සුවදුක් බැලීමට එජාපයේ කාර්ය මණ්ඩල ප්‍රධානියෙක් සහ හිටපු මහලේකම් වරයෙක් හොර රහසේ ගොස් ඇති බවට වන ප්‍රවෘත්තිය අද ප්‍රසිද්ධ රහසක්.

පුළුවන් උනොත් අපි ඇවිල්ලා උබලා රකිනවා එහෙම නැත්නම් උබලා ඇවිල්ලා අපිව රැකපන් කියන ප්‍රතිපත්තිය අනුගමනය කරන මෙම දේශපාලඥයන් සමස්ත UNP පාක්ෂික යන්ගේ සමාව ගත යුතුව තිබේ.

– මාධ්‍ය ඒකකය

35,122 Viewers

13 Comments to “එජාප ලොක්කන් ගෝටාභය සමග රහසේ ඩීල් දානවා.. අප රකින්නැයි යදිනවා..- එජාප ඇමති හෙලි කරයි.. [Video]”

  1. MD says:

    Daana deal ekak danna Tawa tikadawasai tiyenne.eka eyala mole yodala Karai.oya boruwata katolikayanta colours pennuwa eka witarai kale.

  2. Bold Citizen says:

    Next President Sajith should take note of these developments and protect the ‘poor class’ from such undesirable elements of the so called ‘elite class’..

  3. සිංහල බන්ඩා says:

    මහබංකුව හොරා කාලා කොමිස් ගහලා ඹත්තු සේවය විනාස කල සෙට් එක රකිනව නම් උන් රාජපක්ෂලා උනත් සේනානායක ලා උනත් ප්‍රේමදාසල උනත් පෙරේරල උනත් පරය්. ගෝටා රට විකුනන් කන පරයෙක් නෙවෙය්.

    • බන්ඩා says:

      වෙන්න යන දේ දන්න බැඳුන්කර කැප්ටන් රනිල් ගෙ ගජ මිතුරැ සෙට් එකම ඩීල් දමන්න ගෝටා හොයාගන යාවි. නමුත් ඩීල් දමන්න හැකි වෙය්ද කියන එක නම සික්ස් මිලියන් ඩොලර් ප්‍රශ්ණයක්.

    • Rata Wenuwen says:

      මෙයත් දැන් බොරුවට කහිනවා, රිශාද්ගේ ප්‍රශ්නෙට මෙයා රඟපාපු හැටි අපි දන්නවානේ

  4. samantha says:

    නිරෝෂන්, අනේ නිකම් පලයන් බන් යන්න. උඹත් JVP එකටයි යුද්දෙටයි බයේ ඇමෙරිකාවේ අවුරුදු 30 වාසය කරලා එහෙ පුරවැසිභාවය අරගෙන තාත්තා නිසා පැරෂුට් එකකින් UNP එකට පාත්වෙලා දැන් එනවා බන දේශනා කරන්න. වෙන්නපුවට වැඩකරපු හොඳ UNP කාරයෝ කී දෙනෙක් කැපුනද උඹ නිසා. චන්දෙ පැරදුන ගමන්ම උඹලා හොරකම් කරපු සල්ලිත් අරගෙන ඇමෙරිකාවට යයි අපිට තමයි කෙලවෙන්නේ. ඔව් අපිට ඕනේ UNP ජනාධිපති කෙනෙක් එත් රනිල් හාමු නෙමෙයි. පොළොවේ පයගහලා ඉන්න සජිත් වගේ එකෙක්

  5. Gamlath says:

    Sagala giya kiyanne ranilge message thama aragena giya, ranil central bank aka kaduwata daduwam diya uthiii….got a obathuma gana tibba wiswasaya alesama thyewi kiya api viswasa karanawa.

  6. john says:

    What a fool!!! After doing this much of damage to the country during the last 5 years, the UNP MP dreams of electing a UNP President next time. Shows how serious their stupidity is.

  7. Mudiyanse says:

    I am sure many more to shift!! More fruits on branches will get more bats! But this time the fruit tree is different from other fruit trees!

  8. sw says:

    ඕක මොකක්ක්ද සජිත් හේමව යවලා මහින්දත් ඩීල් දාපු එකේ .හොර සල්ලි අච්චු ගහලා අහුවුනහම .

  9. Sadda says:

    තමන්ගේ සහෝදර කතෝලික මිනිසුන් අමු අමුවේ බෝම්බ වලට බිලිකරපු චූඇන්පිය නැවත බලේට ගේන්න වලිකන්න ඔහේට ලැජ්ජාවක් කියල දෙයක් නැද්ද ?
    චූඇන්පිය කියන්නේ මේ රටේ ප්‍රගතිශීලි ජනතාවට එරෙහි ප්‍රතිගාමී පක්ශයක්. කැමැත්තෙන් හෝ අකමැත්තෙන් බටහිර පදේට නටන්න වෙනවා එයාලට. ප්‍රේමදාස පොර වෙන්න ගිහින් අන්තිමට කෑලි එකතු කරගත්තේ සවලෙන්.
    මේක චූඇන්පිය පස්සෙන් චොකා බයිලා වලට නටන පොඩි උන් දන්නේ නැහැ. සජිත්ට පුලුවන් ඔය චොකා බයිලා වලට පාරේ නටන උන් ටික ශේප් කර ගන්න විතරයි.
    අනෙක, මිනිහෙක් අසනීප උනාම සුවදුක් බලන්න යන්න කාගෙන්වත් අවසර ඕනාද?. එසේමෙසේ මිනිහෙක් නොව ඊලඟ ජනාධිපති .
    ඒ නිසා ඔය චූඇන්පිය තමුන්ගේ මලගම වෙත ගමන් කරමින් ඉන්න වෙලාවෙ ඔය සිද්ධ වෙන දේවල් ගැන කලබල වෙන්න එපා.
    අපිට නම් හරි සතුටුයි.