එජාප විශාල පිරිසක් පොහොට්ටුවට…

July 22, 2020 at 6:48 pm | lanka C news
එජාප විශාල පිරිසක් පොහොට්ටුවට…

සියලු ජාතීන්ට බියෙන් සැකෙන් තොරව ජීවත් වීමේ අයිතිය ලබාදීම වෙනුවෙන් තුනෙන් දෙකක බලයක් ලබා ගැනීම උදෙසා පොහොට්ටුවට ඡන්දය දෙන්නැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

පස්වරුවේ මහනුවර පාතදුම්බර ප්‍රදේශයේ පැවති හමුවක් අමතමින් අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ රටට ගැලපෙන විධිමත් ව්‍යවස්ථාවක් තුළින් සියලු ජාතීන්ට එකට ජීවත් විය හැකි රටක් නිර්මාණය කිරීමට හැකියාව ලැබෙන බවයි.

මෙවර මැතිවරණයේදී තුනෙන් දෙකක බලයක් ලබා ගැනීම සදහා ශක්තිය තිබෙන එකම පක්ෂයේ වන්නේ පොහොට්ටුව පක්ෂය බවත්,  මේ වන විට එක්සත් ජාතික පාක්ෂිකයින් විශාල පිරිසක් පොහොට්ටුව පක්ෂය වටා එක්රොක් වෙමින් සිටින බවත්, අග්‍රාමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.

ආර්. ප්‍රේමදාස යුගයට නැවත ගමන් කිරීමට මෙරට ජනතාවට කිසිදු අවශ්‍යතාවයක් නොමැත. 88, 89 භීෂණ සමය වැනි යුගයක් මෙරට ජනතාවට නැවත අවශ්‍ය වන්නේ නැත.  කොවිඩ්- 19 වසංගත තත්ත්වය පරාජය කිරීම උදෙසා මුදල් පනතක් ගෙන ඒමට උත්සාහ කිරීමේදී සජිත් ප්‍රේමදාස මහතා එම මුදල් පනත පරාජය කරන බව ප්‍රකාශ කිරීමෙන් ම පෙනී යන්නේ ඒ මහතාගේ පරිණත නොවන දේශපාලන දැක්මයි.

එවැනි දැක්මක් සහිත පුද්ගලයෙකු රටක පාලනයට පත් කිරීමට වඩා රට ගොඩනංවන සැලැස්මක් සහිත ශ්‍රි ලංකා පොදුජන පෙරමුණට ඡන්දය දී සියලු ජාතීන්ට  රටක් වශයෙන් එකට නැගී සිටීමට හැකි රට නිර්මාණය කිරීම උදෙසා තම වටිනා ඡන්දය භාවිතා කරන්නැයි අග්‍රමාත්‍යවරයා  මෙහිදී ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

– සිසිර මුණසිංහ

64 views

15 Comments to “එජාප විශාල පිරිසක් පොහොට්ටුවට…”

  1. ක්‍රිමිනල් says:

    මහින්ද මහත්තය හිටියෙ නැත්නම් මෙලහකට රටට වෙලා තියෙන්නෙ මොකක්ද කියලවත් හිතාගන්න බැරි වෙනව.මම ඉන්නේ රට මගේ ගෙදර එක චන්දයක් මම ඔබ තුමාගෙන් පිටට යන්න දෙන්නෙ නෑ මොකද මම මගේ රටට ආදරෙයි මගේ රට අපි ආරක්ෂා කර ගන්න ඕන නැත්තම් අපට කන්න නැතුව මැරන්න වෙන්නේ සංවර්ධන කෙසේ වෙතත් ජය වේවා අනිවාර්යයෙන් අපි ඉන්නවා එකෙන්ම මහින්ද මහත්තයා ඇතුළු පව්ලෙ සියලු දෙනාටම බුදු සරනයි දෙවි පිහිටයි ජයෙන් ජයම ලැබේවා !!! බුදුන්ගෙ දෙවියන්ගේ ආරක්ෂාව ලැබේවා !!!

    මහින්ද නාමෙන් ජය ඝෝෂා
    මවුබිම සුරකින වග සාදා
    නංවමු මහ සයුරද පරදා
    ඔබයි නායකත්වය සැමදා

  2. රටට හිතැති says:

    පුදුම වෙන්න දෙයක් නෑ. දැන් පුරා වස්තු විනාශ කරමින් මේක ගුඑන්පී කාරයන්ට සුදුසු ආන්ඩුවක් බවට පත්වේගෙන එනවා. පොහොට්ටුවෙ දේශප්‍රෙමින්ට මහා සංගරත්නය සමග විකල්පයකට යන්න වෙනවා.

  3. Ranga says:

    දැන් ඔබතුමා කියන කිසිදෙයක් මේ රටේ මිනිස්සු කරන්නේ නෑ .කරුණාකර මේ සති දෙක ජනාධිපතිතුමාට කැම්පේන් එක බාර දීල ඔබතුමා ගෙදරට වී සිටින්න .ඔබතුමා ඇගිල්ල දිගුකර අන් අයට චෝදනා කරද්දි ඔබතුමා දෙසට ඇගිලි 4ක් දික්වී ඇති බව අමතක කරන්ඩ එපා .අනුන්ට චෝදනා කල හැක්කේ නිර්දෝශී පුද්ගලයින්ට පමනයි.

  4. kiribatha says:

    Why this fellow talks only against Sajith? Why not a single word against Ranil and bond thieves? Is it because they are his friends?

    • Narada says:

      No there is no competition from those looser, why don’t you understand this simple truth?

      • kiribatha says:

        Okay, now I get it. MR is not worried about the country. His real focus is how to neutralize his close competitors.So, he is no different to any other power hungry politician.

        • tharaka says:

          tho nam kiribathek ma tamai. nidaganin gon modayo… yako paradanna one eka gana kiyanne nathuwa balan innda kyanne.. ubala wage eun me rate innkota

  5. ලංකාවේ පුරවෙසියෝ says:

    අනේ අගමැති තුමෝ මැදපෙරදිග අසරණ වුනු ශ්‍රී ලාංකික මිනිස්සු ගැන හොයල බලනින කොමිටුවක්වත් දාන්නකෝ. ගෙන්නන්න නොගත්තත් ඒක හරි සැනසීමක් වෙයි. ඔබතුමාලා දැනගනියි රැකියා නැතිව උන් හිටි තැන් නැතිව මිනිස්සු විදින දුක. තානාපති කාර්යාල තිබුනට වැඩකට නැහැ. එයාලා හොදයි උත්සව වල පිත්ත පටි කපන්න. ලෙඩ වලින් පීඩා විදින අය ගොඩයි.

  6. Sambo says:

    A large amount is leaving the slop and joining other parties and that is the truth.

  7. Asela says:

    Ehen meheta mehen eheta. Hamadaama oya kalakanni karanne ena ena aanduwalata heththu wena eka…? Mahinda wage ewun dan pension yanna onee …!!! Nathnam buriyani walata ratama paawala deyi …!!! Jaathin kotawana eka thamayi munge pawathma…!!! Anika hamadaama mahinda kale udin sinhala jathika bawa penwalaa thambiyanta , demellunta hamadema deepu eka

  8. Sonal says:

    Dear sir,

    Thank You very much for your excellent works Welldone Sir!

    Please Save our mother land Sri Lanka : “Pearl of the Indian Ocean” from barbarians and disgusting politicians.

  9. kaldemulle athula polusiri says:

    පොහොට්ටු විශාල පිරිසක් සජිත්ගේ පක්‍ෂයේ

  10. Gini says:

    Don’t expect them. Once they ruined the country. The mentality will remain the same, better to take young intelligent and educated people to improve the country than any 🐃 from the previous 225. Biggest mistake that you can make.

Main News