එජාප වෙඩි නූලට ගිනි තබයි.. පිපිරීම ආසන්නයේ.. නව නායකයෙක් පත් කර ජනාධිපතිවරණය දිනන බව ඇමති සජිත්ගේ දකුණු අත කියයි..

March 13, 2018 at 10:40 am | lanka C news
එජාප වෙඩි නූලට ගිනි තබයි.. පිපිරීම ආසන්නයේ.. නව නායකයෙක් පත් කර ජනාධිපතිවරණය දිනන බව ඇමති සජිත්ගේ දකුණු අත කියයි..

ඉදිරි දිනවලදී එක්සත් ජාතික පක්‍ෂයට නව නායකයෙක් පත් කිරීමට සූදානම් බව එක්සත් ජාතික පක්‍ෂය නියෝජනය කරන ධීවර රාජ්‍ය ඇමති දිලිප් වෙදආරච්චි මහතා පවසයි.

පිපෙනවා යයි කියන පොහොට්ටුව ඉදිරි ජනාධිපතිවරණයේදී පරාජයට පත් කල හැකි නායකයෙක් ඉදිරිපත් කරන බවද ඇමතිවරයා සදහන් කරයි.

බිම් මට්ටමේ නායකයන් දවස පුරා එකතු කරන ඡන්ද ඉහල මට්ටමේ නායකයන් විසින් රාත‍්‍රියේදී රූපවාහිනියේ පවත්වන එක කතාවකින් නැති කර දැමූ බවද ඔහු කියයි.

ස්ථිර වශයෙන්ම නව නායකයෙක් යටතේ ඉදිරි ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්‍ෂය රටේ පාලන බලය ලබා ගන්නා බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

හම්බන්තොට දිස්ත‍්‍රික්කය නියෝජනය කරන රාජ්‍ය ඇමති දිලිප් වෙදආරච්චි එජාප නියෝජ්‍ය නායක ඇමති සජිත් පේ‍්‍රමදාස මහතාගේ අතිශය සමීපතමයා ලෙස සැලකෙයි.

ඇමති සජිත් පේ‍්‍රමදාස එජාප නායකයා කර ඊළග ජනාධිපතිවරණයට ඔහු ගෙන එන බවට ඇමති වෙදආරච්චි විසින් කරන ලද මෙම ප‍්‍රකාශයෙන් ප‍්‍රබල ලෙස ඉගි කර ඇති බව සැලකිය හැකිය.

එක්සත් ජාතික පක්‍ෂය තුලද මේ වන විට කණ්ඩායම් කිහිපයක් විසින්ම ප‍්‍රබල ලෙස කියා සිටිනුයේ නායකත්වයේ ප‍්‍රබල වෙනසක් සිදු විය යුතුම බවත් නැතහොත් විශ්වාස භංග ක‍්‍රියාමාර්ගයකට අවතීරණ වන බවත්ය.

65 views

11 Comments to “එජාප වෙඩි නූලට ගිනි තබයි.. පිපිරීම ආසන්නයේ.. නව නායකයෙක් පත් කර ජනාධිපතිවරණය දිනන බව ඇමති සජිත්ගේ දකුණු අත කියයි..”

  1. wannila aththo says:

    thamanta deepu amathi kamen wadak karaganna bariwa hitpu me hadaya kohomada oyi UNP ekata nayakayo thoranne?

Main News