එජාප ශ්‍රිලනිප ගිවිසුම ඉවර නම් ආණ්ඩුවෙන් යනු..- කබිර් හෂීම්.. නෑ නෑ අපි ඉන්නවා..- දුමින්ද

August 30, 2017 at 10:40 am | lanka C news
එජාප ශ්‍රිලනිප ගිවිසුම ඉවර නම් ආණ්ඩුවෙන් යනු..- කබිර් හෂීම්.. නෑ නෑ අපි ඉන්නවා..- දුමින්ද

2015 අගෝස්තු 21 වෙනිදා එක්සත් ජාතික පක්ෂයත් ශ්‍රීලංකා නිදහස් පක්ෂයත් එක්ව ජාතික ආණ්ඩුවක් පිහිටුවීමට වසර දෙකක ගිවිසුමකට ජනාධිපති කාර්යාලයේදි එලබුනු අතර මේ මස 21 වෙනිදා එම ගිවිසුම අවසන් විය.

පක්ෂ දෙකේම අවශ්‍යතාවය අනුව තවත් කාලයක් එම ගිවිසුම දීර්ඝ කිරිමට අවශ්‍ය නම් එහි ප්‍රතිපාදන සපයා තිබුනත් නිත්‍යානුකූලව එසේ දීර්ඝ කිරීමක් අදාළ පක්ෂ දෙකේ ලේකම්වරුන් විසින් අත්සන් කොට මෙතෙක් සිදු කොට නැත.

මේ සම්බන්ධයෙන් මාධ්‍ය එජාපයේ මහා ලේකම් කබිර් හසීම් මහතාගෙන් විමසු විට ඔහු පැවසුවේ කවුරුත් හෝ හිතනවා නම් එම කාලය මේ වනවිට අවසන් කියා ඔහුන්ට ඉන් ඉවත්ව යෑමට කිසිම බාධාවක් නැති බවයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ද පාර්ලිමේන්තුවේ වැඩි අසාන ගත් පක්ෂයේ ආරාධනාව අනුව මිස ජාතික ආණ්ඩුවක් සඳහා ඊලගට වැඩි ආසන ගත් පක්ෂය ජාතික ආණ්ඩුවට එකතුවන අතර ඒ එකතු වු පක්ෂය ඉවත් වීමෙන් එජාපයේ තනි ආණ්ඩුවක් පවත්වා ගෙන යෑමේ අපහසුවක් නොමැත.

එබැවින් සත්‍යවශයෙන්ම ශ්‍රිලනිප 1970 දි සිරිමා බණ්ඩාරනායක මැතිනිය රජයේ ඇන් ඇම් පෙරේරා ඇතුළු වාමාංශිකයන් එක්ව සමගි පෙරමුණ රජය පිහිටුවා ගත් මෙන් රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවේ ශ්‍රිලනිප කණ්ඩායමක් එක්ව එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවකට සහයෝගය දිම හැර වෙන විශේෂ දෙයක් පසුගිය දෙවසර තුල සිදු නොවූ බව විපක්‍ෂයේ මතයයි.

වීඩියෝව මෙතනින්

67 views