එජාප-ශ‍්‍රිලනිප එක්වී පළාත් පාලන ආයතන බලය පිහිටුවන්නැයි දන්වයි… පොහොට්ටුවට සබා රැසක බලය අහිමි වේ..

February 18, 2018 at 10:41 pm | lanka C news
එජාප-ශ‍්‍රිලනිප එක්වී පළාත් පාලන ආයතන බලය පිහිටුවන්නැයි දන්වයි… පොහොට්ටුවට සබා රැසක බලය අහිමි වේ..

එක්සත් ජාතික පක්‍ෂය සමග එක්ව සභාවන්හි ආණ්ඩු බලය පහිටුවීමට කටයුතු කරන ලෙස  පළාත් පාලන මැතිවරණයෙන් ජයග‍්‍රහණය කරන ලද පොලොන්නරුව දිස්ත‍්‍රික්කයේ අපේක්‍ෂකයන්ට දන්වා ඇත.

පොලොන්නරුවේ පළාත් පාලන ආයතන හතරක් ශ‍්‍රීලනිප විසින් හා හතරක් පොදුජන පෙරමුණ විසින් ජයගෙන ඇති අතර උපදෙස් දී ඇත්තේ පොදුජන පෙරමුණ විසින්ද ජයගන්නා ලද සභා තුනක එජාපය සමග එක්ව ආණ්ඩු බලය පිහිටුවීමට කටයුතු කරන ලෙසයි.

මේ අනුව රට පුරා පළාත් පාලන ආයතන බොහෝ ප‍්‍රමාණයක ශ‍්‍රීලනිපය එජාපය එකට එක්වී පාලන බලය පිහිටුවීමේ වැඩිම ඉඩක් නිර්මාණය වෙමින් තිබේ.

කෙසේ වෙතත් පළාත් පාලන මැතිවණ වේදිකාවේදී ශ‍්‍රීලනිප මැති ඇමතිවරුන් සහතික කරන කියා සිටියේ කිසිසේත්ම එජාපය සමග ආණ්ඩු බලය පිහිටුවන්නේ නැති බවයි.

26 views

15 Comments to “එජාප-ශ‍්‍රිලනිප එක්වී පළාත් පාලන ආයතන බලය පිහිටුවන්නැයි දන්වයි… පොහොට්ටුවට සබා රැසක බලය අහිමි වේ..”

  1. Aussie says:

    Kiyanakota Ehemai Karanakota Mehemai,Ganang Ganda Epa.

    • Asaranaya says:

      දැනගෙන ගියොත් කතරගමයි,
      නොදැනගියොත් අතරමගයි,
      හත් දෙයියනෙ පඹයාගෙ හැටි තවමත් නොදන්න ඒකාබද්ද විපක්ශය,
      ඇන්දුවා නේද මයිතුන ලස්සනට,
      පඹයට ඒ මොලේ ඇත බොහෝවිට,
      “ජේ.ඕ” එකේ හැඩ “කේපු ” ට,
      යැව්වා නේද පඹයා තදයට

      • dilan says:

        පළාත් පාලන ආයතන බිල්ලට ගෙන පාර්ලිමේන්තුවේ බලය රැක ගැනීමේ මෙහෙයුමක….
        ඒ 2020 වෙනුවෙනි……

      • Kamal says:

        ආණ්ඩුවකට සහය දීමෙන් එකක් කඩතොලු මකන්නට ගොස් සියක් කඩතොලු හදාගත් ඉදුරුවේ ආචාරියාට වූ නස්පැත්තිය ඒකාබද්ධ විපක්ෂය ටත් සිදුවේ….

  2. sinha le says:

    දොන් ජුඅන් ධර්මපාල කෝට්ටේ කැළණි විහාරය පෘතුගීසින්ට බාර දුන්නා නුතන දොන් ජුඅන් පරපුර පොලොන්නරුවත් විනාස ක‍රන්න යන්නේ

    මුන් සමග එක් නොවන්න

  3. Saradiel says:

    පුජනිය පොලොන්නරුව බේරා ගමු

    දොන් ජුවන් ධර්මපාල පෘතුගීසින්ගේ රූකඩ පාලකයකු ලෙස කටයුතු කළ අයෙකි. සීතාවකෙන් එල්ල වූ තර්ජනවලට බියෙන් කෝට්ටේ බලකොටුවෙහි වාසය නොකොට පෘතුගීසීන් විසින් ඉදි කරන ලද කොළඹ බලකොටුවට රැුකවරණය කරා යාමෙන් පසුව කෝට්ටේ නගරය මෙසේ අභාවයට පත්ව ඇත. වරින් වර සීතාවකින් එල්ල වූ ප‍්‍රහාර හේතුවෙන් කෝට්ටේ නගරයේ ගොඩනැගිලිද විනාශ වූ අතර සීතාවක රාජසිංහගේ මරණයෙන් පසුව පෘතුගීසීන් රිසි සේ කෝට්ටේ නගරයේ තිබූ ආගමික ගොඩනැගිලි සහ අනිකුත් ඉදිකිරීම් කඩා බිඳ දමා කොළඹ නගරයේ නව ඉදිකිරීම් සඳහා ගොඩනැගිලි ද්‍රව්‍ය පැහැර ගෙන ගොස් ඇත.

  4. UNP JUNTA says:

    ko umbala anduwak pehetewwada ??? ane bola nimal , passa wika ganin

  5. රාහුල මල්ලී says:

    නායකයෙකු ඡනමතය ඉවසිය යුතුය.. ඊට ගරු කල යුතුය.. ඡනමතයට පිටින් ගිය නායකයින්ගේ ඉරණම ලෝක ඉතිහාසයේ කොතෙකුත් ඇත… ඒවායින් පාඩම් ඉගෙන නොගන්නා නායකයා ගැන කවර නම් කතාද..?

  6. Nandasoma Suriyaarachchi says:

    පළාත් පාලන බලය පිහිටුවීමට යූ ඇන් පීය සමග එකතු වෙනවා නම්, සිරිසේන කොහොමද රනිල්ව අගමැති කමෙන් අයින් කරන්නෙ? මේක බොරු සෙප්පඩ විජ්ජාවක් විතරයි……!

  7. ranaweera gunasena says:

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට චන්දය දුන් මන්ද බුද්ධිකයිනි ඔබ සැබවින්ම කැමැත්ත ප්‍රකාශ කරේ කාටද ?

  8. daminda says:

    aniyamm pema pala dareema……………..

  9. nalin says:

    No way. SLFP will back only SLPP. What nonsense is this? They even quit the National Government.

  10. KARUNA says:

    NIYAMAI ADUMA GAANE RAJAPAKSHALAGE GOLA BALAYE TIKAK HARI ADU WEI

Main News