එජාප-ශ‍්‍රිලනිප ජාතික ආණ්ඩු ගිවිසුමක් නැවත අත්සන් කරන්න සූදානම්.. ශ‍්‍රීලනිප මධ්‍යම කාරක සභා නොතකා අමරවීර කියයි..

April 16, 2018 at 3:00 pm | lanka C news
එජාප-ශ‍්‍රිලනිප ජාතික ආණ්ඩු ගිවිසුමක් නැවත අත්සන් කරන්න සූදානම්.. ශ‍්‍රීලනිප මධ්‍යම කාරක සභා නොතකා අමරවීර කියයි..

එක්සත් ජාතික පක්‍ෂය හා ශ‍්‍රි ලංකා නිදහස් පක්‍ෂය අතර ජාතික ආණ්ඩුව තව දුරටත් ඉදිරියට ගෙය යාම සදහා ගිවිසුම් අත්සන් කිරීමට සූදානම් බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම් ඇමති මහින්ද අමරවීර මහතා සදහන් කරයි.

ගිවිසුම් අත්සන් කිරීමට පෙර සිදු කරන අධ්‍යන කටයුතු මේ දිනවල සිදු කෙරෙන බවද ඔහු පවසයි.

ජාතික ආණ්ඩුව ඉදිරියට ගෙන යාමේ වැඩපිලිවෙල සකස් කරන්නේ ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් බවද ඔහු කියා සිටියේ වලස්මුල්ලේ පැවති ජනහමුවක් අමතමිනි.

කෙසේ වෙතත් ජාතික ආණ්ඩුව තව දුරටත් ඉදිරියට ගෙන යාම සදහා මේ වන තෙක් ශ‍්‍රීලනිප මධ්‍යම කාරක සභාව විසින් අනුමැතිය දී නැත.

මෑතකදී ආණ්ඩුවෙන් ඉවත් වූ 16 දෙනා සදහන් කරන්නේ ජාතික ආණ්ඩුවෙන් ඉවත්වීමේ යෝජනාවක් මද්‍යම කාරක සභාවට ඉදිරිපත් කර සම්මත කර ගැනීමට සූදානම් බවයි.

32 views
Main News