එජාප-ශ‍්‍රිලනිප හවුල ලිහෙන්න යයි.. කොහොම හරි බැද දමන්න චන්ද්‍රිකා එංගලන්තයේ සිට දිව එයි..

October 17, 2016 at 2:10 pm | lanka C news
එජාප-ශ‍්‍රිලනිප හවුල ලිහෙන්න යයි.. කොහොම හරි බැද දමන්න චන්ද්‍රිකා එංගලන්තයේ සිට දිව එයි..

පසුගිය 12 වැනිදා ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් සිදු කරන ලද ආන්දෝලනාත්මක ප‍්‍රකාශයත් සමගින් එජාප හා ශ‍්‍රීලනිප අතර ඇති වී තිබෙන මතබේදාත්මක තත්වය සමනය කිරීම සදහා හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග හෙට දිනයේ ශ‍්‍රී ලංකාවට පැමිණෙයි.

එහිදී ඇය ශ‍්‍රිලනිප ජ්‍යෙෂ්ඨයින් හා එජාප ජ්‍යෙෂ්ඨයින් හමුවී සාකච්චා කිරීමට නියමිතය.

ඉන් පසුව දෙපාර්ශවයටම පිලිගත හැකි පොදු න්‍යාය පත‍්‍රයක් සකස් කිරීමටද නියමිත බව වාර්තා වෙයි.

හිටපු ජනාධිපතිනිය පුද්ගලික සංතාරයක් සදහා එංගලන්තය බලා ගියේ දැනට කිහිපයකට පෙරයි.

72 views
Main News