එජාප-ශ‍්‍රීලනිප ජාතික ආණ්ඩුව යලිත් සූදානම්.. මහින්දගේ විපක්‍ෂ නායක ධුරය අනතුරේ..

March 23, 2019 at 12:12 am | lanka C news
එජාප-ශ‍්‍රීලනිප ජාතික ආණ්ඩුව යලිත් සූදානම්.. මහින්දගේ විපක්‍ෂ නායක ධුරය අනතුරේ..

එක්සත් ජාතික පක්‍ෂය හා ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය අතර ජාතික ආණ්ඩුවක් ඇති කිරීම සදහා වන තීරණාත්මක සාකච්චාවක් හිටපු ජනාධිපතිනි චන්ද‍්‍රිකා කුමාරතුංග සහ ශ‍්‍රීලනිපයේ ප‍්‍රබලම නායකයෙකු අතර සිදුව ඇති බව වාර්තා වෙයි.

ඒ අනුව බොහෝ දුරට ඉදිරි දෙසතිය තුල එජාප-ශ‍්‍රීලනිප ජාතික ආණ්ඩුව පාර්ලිමේන්තුව තුල නැවතත් ඇති වීමේ ඉඩක් මතුව ඇතැයිද සදහන්ය.

මෙහි මූලික සාකච්චාවක් ඇමති රාජිත සේනාරත්න මහතා සමග පසුගිය සතියේදී හෙලිකොප්ටරයකින් ගමන් ගත් ප‍්‍රබලයෙකු සිදු කර ඇති බවද වාර්තා වෙයි.

මෙම ජාතික ආණ්ඩුව නැවතත් ඇති වුවහොත් මහින්ද රාජපක්‍ෂ මහතාට විපක්‍ෂ නායක ධුරය අහිමි වීමේ තත්වයක්ද ඇතිව තිබේ.

– සරත් රණසිංහ

75 views

14 Comments to “එජාප-ශ‍්‍රීලනිප ජාතික ආණ්ඩුව යලිත් සූදානම්.. මහින්දගේ විපක්‍ෂ නායක ධුරය අනතුරේ..”

  1. ජනතාව says:

    කවුරු මොනවා කීවත්, මොනවා කළත් ශ්‍රී ලංකා ජනතාවගේ බහුතර පැතුමි පොහොටිටුවෙි ජනාධිපතිවරයෙක් සහ ආණ්ඩුවක් පමණයි.

Main News